Header

Sri Lanka Army

Defender of the Nation

18th December 2015 18:26:45 Hours

බටහිර ආරක්ෂක සේනාවෙන් අක්ෂි සායනයක්

කෑගල්ල, බුලත්කොහුපිටිය ශ්‍රී විසුද්ධාරාම විහාරයේ දී බදාදා (16) දින අක්ෂි සායනයක් පැවැත්වූයේ 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙබලු විසිනි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 58 වන සේනාංකයේ 583 බල සේනාව මේ සඳහා උපදෙස් ලබාදුනි. බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූවේය. අක්ෂි විශේෂඥ වෛද්‍ය නිමල් වීරකෝන් මහතාගේ උපදෙස් මත මහනුවර ඔප්ටිකල් (පුද්) ආයතනය මෙහෙය වු මෙම අක්ෂි සායනයේ දී අක්ෂි රෝගින් 432 කුට ඇස් කණ්ණාඩි ලබා දුන්හ. 58 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එස් ගුණවර්ධන සහ 583 බල සේනාවේ බල සේනාධිපති බ්‍රිගේඩියර් රන්දුල හත්නාගොඩගේ අධික්ෂණය මෙම කටයුත්ත සඳහා ලැබුණි. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී සහ රජයේ නිලධාරින් ද මෙම අවස්ථාවට එක් වූහ. latest jordan Sneakers | 【国内5月2日発売予定】ナイキ ウィメンズ エアマックス ココ サンダル 全4色 - スニーカーウォーズ