Header

Sri Lanka Army

Defender of the Nation

17th December 2015 19:29:03 Hours

කිළිනොච්චි ආඥාපති තව දුරටත් බල ඇණි සංචාරයේ නිරත වේ

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ සංචාරයක නියුතු එම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අඟහරුවාදා (15) සහ බදාදා (16 ) යන දිනයන්හි ද කඳවුරු නිරීක්ෂණයට එක්වූයේය. ඒ අනුව මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර 6 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය, 6 වන හ්‍රී ලංකා යුධෝපකරණ සේවා බලකාය සහ 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායෙහි ද සංචාරය කළේය. එමෙන්ම නව කිළිනොච්චි ආඥාපති 11 වන ඉංජිනේරු සේවා බලකාය, 5 වන ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකාය සහ 7 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායෙහි ද සංචාරයක නිරත විය. මෙම අවස්ථාවේ දී බලඇණිවල අණ දෙන නිළධාරීන් නව ආඥාපතිතුමා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු ඒ ඒ බලඇණිවල කාර්ය භාර්යන් පිළිබඳව විස්තර ඉදිරිපත් කරනු ලැබීය. Running Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK