Header

Sri Lanka Army

Defender of the Nation

16th November 2015 23:10:25 Hours

පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභීන් වෙත යුද හමුදා බරඉසිලීමේ කමිටු සභාපතිගේ සුභපැතුම්

ඔක්තෝබර් මස 10 සිට 16 දක්වා ඉන්දියාවේ පුනෙ හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බරඉසිලීමේ ක්‍රීඩා තරඟාවලිය - 2015 සඳහා සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනාගත් 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ ලාන්ස් කෝප්‍රල් කේ.සී.ටී.ඒ.එස්. අබේකොන් සිය රෙජිමේන්තුවටත්, ශ්‍රී ලංකා යුද හමුදාවටත් කිර්තීයක් අත්කර දෙනු ලැබිය. ලාන්ස් කෝප්‍රල් අබේකොන් සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 298 ඔසවමින් මෙහිදි ලෝකඩ පදක්කම හිමිකර ගන්නා ලදි. යුද හමුදා බර ඉසිලීමේ කමිටු සභාපති මේජර් ජෙනරාල් එම්.එච්.පී. මිහිඳුකුලසූරිය විසින් ලාන්ස් කෝප්‍රල් කේ.සී.ටී.ඒ.එස්. අබේකොන් වෙත ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සිය සුභපැතුම් ද එක් කලහ.Buy Kicks | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf