Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2024 13:01:16 Hours

ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ට එම සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අප්‍රේල් මස 27 දින එම සේනාංක මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදී.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපතිතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීමෙන් අනතුරුව, එතුමන් භටපිරිස් ඇමතීම සිදුකරනු ලැබීය.

එතුමන් අනතුරුව, 58 පාබල සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන ද්වාරය විවෘත කළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහාභාගී වෙමින් එතුමන් එම භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගත්තේය. එහිදී එතුමන්ගේ සේවය අගයමින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී. එදින සන්ධ්‍යාවේදී, මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් නිලධාරී නිවස්නයේදී පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගි වූහ.