Header

Sri Lanka Army

Defender of the Nation

03rd May 2024 13:08:12 Hours

‘ෆොක්ස් හිල්’ අනතුරින් විපතට පත්වූවන්‍ පිළිබඳ සොයාබැලීමට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් එක්වෙති

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ‘ෆොක්ස් හිල්’ ඛේදවාචකයෙන් විපතට පත්වූවන් වෙත අත්‍යාවශ්‍ය සහනාධාර සහ අනෙකුත් අවශ්‍යතාවයන් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබූහ.

ඒ අනුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී. නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.අයි. මහලේකම් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් විපතට පත්වූවන්ගේ නිවෙස් වෙත ගොස් එම අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබැලීය.

මෙම සංචාරයේදී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වැලිමඩ ප්‍රදේශයේ පදිංචි අභාවප්‍රාප්ත 08 හැවිරිදි ශවිකුමාර් ධනුෂිකා මෙනවිය සහ 55 හැවිරිදි මුත්තුසාමි උදයකුමාර් මහතාගේ නිවෙසටත්, සීදූව ප්‍රදේශයේ පදිංචි අභාවප්‍රාප්ත 19 හැවිරිදි චමත් නිරෝෂන් මහතා, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අභාවප්‍රාප්ත 32 හැවිරිදි කෝප්‍රල් ආර්. අබේනායක, මාතර ප්‍රදේශයේ පදිංචි අභාවප්‍රාප්ත 62 හැවිරිදි උපාලි ගමගේ මහතා හා 60 හැවිරිදි කමලනාත් ජයවර්ධන මහතා සහ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි අභාවප්‍රාප්ත 20 හැවිරිදි හෂේන් හීනටිගල මහතාගේ නිවෙස් වෙත ගොස් සිය ශෝකය පළකිරීමෙන් අනතුරුව එම පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වියළි ආහාර සලාක පාර්සල් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළහ.

‘ෆොක්ස් හිල් සුපර්ක්‍රොස්’ ධාවන පථයේදී 2024 අප්‍රේල් මස 21 දින අනතුරට ලක්වී ප්‍රදේශයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙම පිරිස ජීවිතක්‍ෂයට පත්විය.