Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2024 15:01:00 Hours

මඩු දේව ප්‍රතිමාව යාපනයේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයට වැඩමවයි

යාපනය අර්ධද්වීපය හරහා අප්‍රේල් මස 06 සිට 30 දින දක්වා වැඩම කරවමින් පවතින මඩු දේව ප්‍රතිමාව පසුගියදා පලාලි, උරනි ශාන්ත අන්තෝනි දේවස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.

මඩු දේව ප්‍රතිමාව පිළිගැනීම සඳහා බැතිමතුන් සමඟින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ද එම දේවස්ථානය වෙත පැමිණි අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත පිවිසෙන මාර්ගය දෙපසද මඩු දේව ප්‍රතිමාව පිළිගැනීම සඳහා කතෝලික බැතිමතුන් සමගින් යුද්ධ හමුදා සාමාජිකයින් 300 ක පිරිසක් රැදී සිටිහය.

ගරු ඉයුජින් ෆ්‍රැන්සිස් පියතුමා සහ අනෙකුත් පූජකවරුන් ද සමඟින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ දහස් සංඛ්‍යාත බැතිමතුන් මෙම සාම්ප්‍රදායික ආගමික වාරිත්‍රය සඳහා සහභාගී වී ආශිර්වාද ලබා ගත්හ.