Header

Sri Lanka Army

Defender of the Nation

09th April 2024 13:11:44 Hours

144 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක්

144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ පැලවත්ත විද්‍යාවර්ධන විද්‍යාලයේදී 2024 අප්‍රේල් මස 02 දින මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් පවත්වනු ලැබීය.

පුනරුත්ථාපන කාර්යාංශයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස සේවය කළ ජාතික ශිෂ්‍යභට බලකායේ ලුතිනන් කර්නල් ඊ.ආර්.එස් දයානන්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් සහ ඇබ්බැහිවීමට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන සඳහා පාසල් සිසුන් 100 කට අධික පිරිසක් සහභාගී වූහ.