Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2024 14:11:41 Hours

12 පාබල සේනාංකය 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

12 පාබල සේනාංකයේ 13 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායානුකූලව අප්‍රේල් මස 01 සහ 02 යන දිනයන්හිදී පවත්වනු ලැබීය.

අප්‍රේල් මස 01 දින පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංවත්සර උත්සවයේ කටයුතු ආරම්භ වූ අතර, අනතුරුව, සියලුම නිළධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියක් ආරම්භ විය.

උත්සවයට සමගාමීව ‘කංචදේව ළමා නිකේතනයේ’ නේවාසිකව සිටින ළමුන් හම්බන්තොට, කුරුළු උයන නැරඹීම සඳහා විනෝද චාරිකාවක් රැගෙන යන ලද අතර, විනෝද චාරිකාව අතරතුර එම දරුවන් සඳහා රසවත් දිවා භෝජනයක් පිරිනමා විනෝදාස්වාදය සඳහා කැලිප්සෝ සංගීත රසාස්වාදය ලබාදෙන ලදී.

සංවත්සර දිනයේදී, කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එතුමන් භටපිරිස් ඇමතීය.

එතුමන්, අනතුරුව පැවති සියලුම නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ අතර, එහිදී නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ.

සංවත්සර උත්සවය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.