Header

Sri Lanka Army

Defender of the Nation

04th April 2024 12:55:33 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී 2024 මාර්තු මස 27 දින 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත කර්නල් සේනාවිධායකතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් ඒකකයේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ කර්නල් සේනාවිධායකතුමන් දැනුවත් කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට සහභාගී වූ එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී විය.

එම ඒකකයේ භටපිරිස්හි හැකියාවන් පිළිබඳ සොයාබැලූ එතුමන් කඳවුරු සංචාරයක් සිදුකරමින් එම ඒකකයේ කාර්යක්‍ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා කටයුතු කලයුතු ආකාරය පැහැදිලි කරමින් නිලධාරීන් ආමන්ත්‍රණය කළේය.

කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.