03rd April 2024 13:45:13 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතුව සිටි 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් සිය රාජකාරි නිමාකිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස 02 දින නැවත දිවයිනට පැමිණියහ. නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 115 දෙනෙකුගෙන් සමන්විත වූ 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2023 මාර්තු මස 02 දින ලෙබනනය බලා පිටත්ව ගිය අතර එහි අණදෙන නිලධාරි ලෙස කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල කටයුතු කරනු ලැබීය.
ගුවන්තොටුපළ පරිශ්‍රය වෙත සපැමිණි 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සාමාජිකයන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.එන්.ආර්. කන්නන්ගර, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයුම් කර්නල් පී.පී.සී. පෙරේරා ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එම සාමාජිකයන්ගේ පවුල්වල සාමාජිකයන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.