Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2024 12:48:09 Hours

‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලා අංකය – 03’ සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් සී.ඒ. රාජපක්‍ෂ ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 2024 මාර්තු මස 11 සිට 27 දින දක්වා කාලය තුළ එම පුහුණු ආයතන පරිශ්‍රයේදී ‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලා අංකය – 03’ සාර්ථකව පැවැත්විණි.

පාඨමාලාවේ සමාප්ති උත්සවය 2024 මාර්තු මස 27 දින පැවැත්විණි. පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් 23 දෙනෙක්, ශ්‍රී ලංකා නාවික හමුදා ශිෂ්‍ය නිලධාරීන් 03 දෙනෙක් සහ බංගලාදේශය, මැලේසියාව, මොංගෝලියාව, නේපාලය සහ ඉන්දුනීසියාව යන රටවල විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 07 දෙනෙකු සහභාගි වූහ.

ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායකගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික (වැඩබලන), උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී විය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් ‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරී පාඨමාලා අංකය – 03’ හැදෑරූ ශිෂ්‍ය නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව එම පුහුණු ආයතනයේ සංචාරයක නිරතවෙමින් යටිතල පහසුකම්වල ප්‍රමිතීන් ඉහළ නැංවීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදුන්නේය.

සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.