Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2024 11:00:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී 2024 මාර්තු මස 26 දින 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරත විය. සංචාරයේ නිරත නියෝජ්‍ය සේනාවිධායකතුමන් එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය සේනාවිධායකතුමන් වෙත එම ඒකකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. එම ඒකකයේ ප්‍රවර්ධනය සහ අඛණ්ඩ පැවැත්ම සංකේතවත් කරමින් එතුමන්ගේ සුරතින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එම ඒකකයේ භටපිරිස්හි රාජකාරීන් සහ ඔවුන්ගේ වගකීම් ක්ෂේත්‍රයන් සබැඳිව සිය ප්‍රශංසාවන් එක්කළේය. පසුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායකතුමන් සහ එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරිණි.

නියෝජ්‍ය සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර එහිදී භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය. පසුව එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.