Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2024 18:55:08 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්, 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික (වැඩබලන), උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව 2024 මාර්තු මස 24 දින 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත රෙජිමේන්තු අධිපතිතුමන් 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පී.කේ. වරුවන්ගොඩගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එල්එස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරිතුමන් එම ඒකකයේ කාර්යභාරයන් සහ වගකීම් පිළිබඳ සංචාරයේ නිරත රෙජිමේන්තු අධිපතිතුමන් දැනුවත් කිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.