Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2024 19:01:10 Hours

යාපනය, ඉන්දීය කොන්සල් ජෙනරාල්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත නිල සංචාරයක් සඳහා සපැමිණි යාපනය, ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී සායි මුරලි එස් මහතා (Shri Sai Murali S) පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමුවිය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෙත සපැමිණි ශ්‍රී සායි මුරලි එස් මහතා ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. එම සුහද හමුවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පවතින දිගුකාලීන බැඳීම සිහිපත් කරමින්, ද්විපාර්ශවීයව ඉහළම මට්ටමේ සහයෝගීතාවක් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළේය.

සුහද හමුව සමාප්තියේ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී සායි මුරලි එස් මහතා වෙත විශේෂ සිහිවටනයක් ප්‍රදානය කරන ලද අතර, එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් කේ.ජේ.එන්.එම්.පී.කේ. නවරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 - මනෝවිද්‍යාත්මක මෙහෙයුම් සහ යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.