Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2024 11:20:42 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, 26 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, 26 වන සංවත්සර දිනය වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම මූලස්ථානයේ භටපිරිස්හි සහභාගීත්වයෙන් පසුගිය සඳුදා (මාර්තු මස 18) දින පවත්වනු ලැබීය.

සංවත්සර දිනය වෙනුවෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා සෑය අභියස බෞද්ධ ආගමික වතාවත්, වවුනියාව කන්දස්වාමි කෝවිලේ හින්දු ආගමික චාරිත්‍ර, වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලියේ කිරාත් යාඥාවන් සහ මඩු අප ස්වාමිදූගේ දේවස්ථානයේ දී විශේෂ දිව්‍ය පූජාවක් ද පවත්වනු ලැබිණි.

සංවත්සර දිනයට සමගාමීව ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත ඒකකයන් අතර කඹ ඇදීමේ, වොලිබෝල් සහ ක්‍රිකට් තරඟයක් පවත්වනු ලැබූ අතර, භටපිරිස්හි රසාස්වාදය උදෙසා සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීය.

සංවත්සර දිනයේදී, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. පසුව, සමූහ ඡායාරූපයකට ද පෙනී සිටිහය. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කර භටපිරිස් අමතා සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහාද එක්වූ අතර, අනතුරුව, භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කර ගත්හ.

මෙම උත්සව අවස්ථාවන් සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථාන - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.