Header

Sri Lanka Army

Defender of the Nation

21st March 2024 13:10:53 Hours

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාඨමාලාවක් සඳහා මෙරටින් උපදේශක කණ්ඩායමක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බෝම්බ නිශ්ක්‍රිය බලඝණයේ උපදේශක කණ්ඩායමක් මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ භටපිරිස් වෙත බෝම්බ නිශ්ක්‍රිය පුහුණු පාඨමාලාවක් පැවැත්වීම සඳහා පසුගිය බඳදා (මාර්තු මස 20) දින මාලදිවයින බලා පිටත්ව ගියහ.

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව මාස තුනක පුහුණු වැඩසටහනක් සඳහා මෙරටින් පිටත්ව ගිය උපදේශක කණ්ඩායම එහිදී එම බලකායේ නිලධාරීන් සහ භටපිරිස් සඳහා බිම්බෝම්බ නිශ්ක්‍රිය කිරීම, පුපුරණ ද්‍රව්‍ය භාවිතය සහ ඒ ආශ්‍රිත උපකරණ පිළිබඳව දැනුම ලබාදීම සිදුකරයි.

සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් උපදේශක කණ්ඩායමේ අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කර්නල් ජේ.ඒ.සී.එස්. ජාගොඩ පීඑස්සී කටයුතු කරනු ලබන අතර, ඒ සඳහා අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු සහ සෙසු නිලයන් තිදෙනෙකු ඇතුලත් වේ. ඔවුන් මෙරටින් පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමු වී උපදෙස් ලබාගත්හ.