Header

Sri Lanka Army

Defender of the Nation

18th March 2024 19:20:48 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සඳුදා (මාර්තු මස 18) දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිල සංචාරයක නිරත වෙමින් රෝගීන්ගේ සුවදුක් සහ පරිපාලන අවශ්‍යතා පිළිබඳව සොයා බැලීය.

රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී, කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ආර්.එම්.ජී.බී. රත්නායක ආර්එස්පී සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එච්.යූ.ඩී. විජේරත‍්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව භටපිරිස් විසින් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

එතුමන් වෙත රෝහල් කාර්යය මණ්ඩලය විසින් රෝහලේ කටයුතු පිළිබඳව දැනුවත් කල අතර, අනතුරුව පරිපාලන කටයුතු සොයා බැලීම සඳහා රෝහල් පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. එහිදී, එතුමන් රෝගීන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් එම රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳවද විමසා බැලීය.

නිරීක්‍ෂණ චාරිකාව අවසානයේදී එතුමන් අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.