Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2024 15:35:53 Hours

533 පාබල බලසේනාවේ 27 වැනි සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

533 පාබල බලසේනාවේ 27 වන සංවත්සර දිනය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජී.ඒ.කේ.ආර් ගුණරත්න පීඑස්සී ගේ මඟපෙන් වීම යටතේ 2024 මාර්තු මස 11 දින සිට 13 දක්වා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනු ලැබීය.

533 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 11 දින සුහද ක්‍රිකට් තරඟාවලියක් පවත්වන ලද අතර, පසුදින උදෑසන භට පිරිස් විසින් පලුගස්වැව ශ්‍රී පුණ්‍යාවර්දානාරාමය විහාරස්ථානයේ මහා සංඝරත්නය වෙත හීල් දානය පූජා කරන ලදී. එදින සන්ද්‍යාවේ කඳවුරු පරිශ්‍රයේ පැවති බෝධි පූජා පිංකමකට ද භටපිරිස් සහභාගි වූහ.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරු, සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ බලසේනාධිපතිතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වෙමින් භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.