Header

Sri Lanka Army

Defender of the Nation

16th March 2024 15:39:08 Hours

21 පාබල සේනාංකයයේ භටපිරිස් සර්වඥ ධාතූන් වාහන්සේලා මහත් හරසරින් පිළිගනී

21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත 21 පාබල සේනාංකයේ භටපිරිස්, දිවයින පුරා වර්ණවත් පෙරහැරකින් වැඩම කරවන දීඝවාපි චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතූන් වහන්සේලා 2024 මාර්තු මස 13 දින ගෞරවපුර්වකව හා මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදි.

මෙම වර්ණවත් පෙරහැර කලාඔය ප්‍රදේශයේ දී ගෞරවපුර්වකව හා මහත් හරසරින් යුතුව පිළගෙන වර්ණවත් පෙරහැරකින් වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරවූ අතර, සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ රාජ්‍ය නිලධාරීන් එම පුණ්‍යකටයුත්තට සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයන් 50 දෙනෙකු පෙරහැර සඳහ සිය ශ්‍රම දායක්තවය ලබාදෙන ලදී.