Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2024 12:52:38 Hours

56 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අස්වැද්දූ කුඹුරුවල වී අස්වනු නෙලාගනී

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ භටපිරිස් විසින් 2024 මාර්තු මස 03 දින සුබ මොහොතින් කුඹුරු අක්කර හයක අස්වද්දනු ලැබූ වී වගාවේ අස්වනු නෙලනු ලැබීය.

ජාතික ආහාර සුරක්‍ෂිතතා ව්‍යාපෘතියට සමගාමීව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් හා එම සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී (විශ්‍රාමික) ගේ අධීක්‍ෂණය මත අක්කර 6 ක භූමි ප්‍රමාණයක් තුළ මීට මාස කිහිපයකට ප්‍රථම ‘මහ කන්නය’ සඳහා අස්වද්දන ලදී.