Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2024 15:34:44 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය බලප්‍රදේශයේ පුදබිම් වෙත සංචාරයක නිරතවෙයි

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 මාර්තු මස 01 දින නයිනතිව් දූපතේ පිහිටි නාගදීප පුරාණ රජමහා විහාරය සහ ශ්‍රී නාගපූෂනී අම්මාන් කෝවිල වැඳපුදාගනිමින් ආශිර්වාද ලබාගත්තේය.

නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයේදී, එතුමන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාසික දානමය පුණ්‍යකර්මයට සහභාගි වී විහාරාධිපති හිමිපාණන් බැහැදැක විහාරස්ථාන භූමිය අවට සංවර්ධන කටයුතු පිළිබඳව සාකච්ඡා කළේය. පසුව, එතුමන් ශ්‍රී නාගපූෂනී අම්මාන් කෝවිල වෙත ගොස් කුරුක්කල් පූජකතුමා වෙතින් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව එම කෝවිලේ බලධාරීන් සමඟ සාකච්ඡාවක නිරතවිය.

එතුමන් පුදබිමෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් තබමින් දේශීය හා විදේශීය බැතිමතුන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරත විය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.