Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2024 22:04:08 Hours

‘ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලා අංක - 18’ හි ශිෂ්‍ය නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

‘ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලා අංක - 18’ හි ශිෂ්‍ය නිලධාරීන් ඔවුන්ගේ පාඨමාලා නිර්දේශයේ කොටසක් වශයෙන් පසුගිය සඳුදා (මාර්තු මස 4) දින යුද්ධ හමුදා මූලස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, අධ්‍යයන කාර්යය මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් පිරිස පර්යේෂණ, සංකල්ප සහ මූලධර්ම අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.සී.එල් ගුණවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව ලුතිනන් කර්නල් ඩී.එල්.යූ ද තාබෲ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී ‘Importance of Modernized Infrastructure for Effective Command and Staff Function’ පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී. අනතුරුව කර්නල් එම්.ආර් හමීම් යූඑස්පී විසින් යුද්ධ හමුදා ජාල මෙහෙයුම් පද්ධතිය පිළිබඳව දැනුවත් කිරීමක් සිදුකළේය. එහිදී ශිෂ්‍ය නිලධාරීන්ට පැනනැගුනු ගැටළු ඉදිරිපත්කර ඒවා නිරාකරණය කරගැනීමට ද අවස්ථාවක් හිමි වූහ.

යුද්ධ හමුදා මූලස්ථාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සහ ජාල මෙහෙයුම් මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වෙමින් ඔවුන්හට එම මධ්‍යස්ථානයන්හි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව පුළුල් දැනුමක් ලබාගැනීමට ද අවස්ථාව හිමි වූහ.

එහිදී, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එස්එස්සී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, අධ්‍යයන කාර්යය මණ්ඩලය සහ ශිෂ්‍ය නිලධාරීන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්හ. අනතුරුව සේනාවිධායකතුමන් සහ මාණ්ඩලික ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

බංග්ලාදේශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මාලදිවයින, මැලේසියාව, නේපාලය, පාකිස්ථානය, රුවන්ඩාව, සෞදි අරාබිය, සෙනගාලය, ඇමරිකා එක්සත් ජනපදය සහ සැම්බියාව යන රටවල් නියෝජනය කරමින් විදේශීය ශිෂ්‍ය නිලධාරීන් 25 දෙනෙක්, යුද්ධ හමුදා නිලධාරීන් 81 දෙනෙක්, නාවික හමුදා නිලධාරීන් 22 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීන් 26 දෙනෙකු ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් 154 දෙනෙකු මෙම පාඨමාලාව හදාරනු ලබයි.