Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2024 12:06:56 Hours

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය හමුවෙයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ඉලංගෝවන් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්ද්‍රන් යන මහත්වරුන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින එතුමන්ගේ කාර්යාලයේ දී හමුවූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් පැමිණි දූත පිරිස උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව පැවති සුහඳ හමුවේදී යාපනය ප්‍රදේශය සම්බන්ධයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවක නිරත වූහ. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.