Header

Sri Lanka Army

Defender of the Nation

29th February 2024 18:34:34 Hours

1 බලකායේ මූලිකත්වයෙන් ජීවිතාරක්‍ෂක ප්‍රථමාධාර වැඩමුළුවක්

1 බලකා මූලස්ථානය වෙතින් එම බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී 2024 පෙබරවාරි මස 28 දින එක්දින මූලික ජීවිතාරක්‍ෂක ප්‍රථමාධාර වැඩමුළුවක් පැවැත්වීය. 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත හදිසි අවස්ථාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය කුසලතාවන්ගෙන් සමන්විත භටපිරිස් පුහුණු කරවීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්වීය.

කිලිනොච්චිය යුද්ධ හමුදා මූලික රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ මෙම වැඩමුළුව න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික නිදර්ශණයන්ගෙන් සමන්විත විය. මෙම වැඩමුළුව සඳහා හමුදා නිලධාරීන් 22 දෙනෙක් සහ සෙසුනිලයන් 103 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් හදිසි අවස්ථාවන්හිදී ප්‍රථමාධාර ලබාදීම සබැඳිව මූලික පුහුණුවක් ලබාගත්හ.