Header

Sri Lanka Army

Defender of the Nation

29th February 2024 18:41:45 Hours

‘කොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 54’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘කොනොනි නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 54’ හි සමාප්ති උත්සවය 2024 පෙබරවාරි මස 28 දින පැවැත්විණි. යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 77 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.

න්‍යායික සහ ප්‍රායෝගික පුහුණු ක්‍රමවේදයන්ගෙන් සමන්විතව පැවති මෙම පාඨමාලාව 2024 ජනවාරි මස 31 දින ආරම්භ වූ අතර එම පාඨමාලාව මාසයක කාලසීමාවක් පුරාවට පැවැත්විණි. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් එච්.එස්.පී. ජයවික්‍රම පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත්තේය.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී ගේ සුරතින් පාඨමාලාව සඳහා සහභාගී වූවන්ට සහතිකපත් පිරිනැමීමෙන් අනතුරුව සමාප්ති දේශනය පැවැත්වීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ උපදේශකවරුන් පිරිසක් එක්ව සිටියහ.