Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2024 16:14:01 Hours

2(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් නිවාස අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත, 2(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා ඉකුත් ඉරිදා (පෙබරවාරි මස 25) දින මුල්ගල් තැබිණි.

ප්‍රසිද්ධ දානපතියෙකු වන ගුණසේකර මහතා විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත 2(ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය උපයෝගී කර ගනිමින් මාස තුනක කාල සීමාවක් ඇතුළත නව නිවස ඉදිකර අවසන් කිරීමට නියමිතය.