Header

Sri Lanka Army

Defender of the Nation

28th February 2024 11:11:10 Hours

542 පාබල බලසේනාවේ භටපිරිස්, පාසල් ළමුන් සඳහා සංස්කෘතික නර්තන තරඟයක් සංවිධානය කරයි

542 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මඩු සහ මන්නාරම ප්‍රදේශවල පාසල් ළමුන් අතර අන්‍යෝන්‍ය සුහඳතාවය හා ඔවුන්ගේ සහජ කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් 2024 පෙබරවාරි මස 21 දින මන්නාරම නගර ශාලා පරිශ්‍රයේදී ‘අපේ සංස්කෘතිය’ යන තේමාව යටතේ සංස්කෘතික නර්තන තරඟාවලියක් සංවිධානය කරන ලදී.

එම නර්තන තරඟාවලිය සඳහා ප්‍රදේශයේ පාසල් නියෝජනය කරමින් කණ්ඩායම් 14 ක් සහභාගී වූ අතර, සියළුම කණ්ඩායම් සඳහා දිරිගැන්වීමක් වශයෙන් ත්‍යාග පාර්සලයක් පිරිනමන ලදී.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ගේ උපදෙස් මත 542 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධික්‍ෂණය යටතේ 4 ගජබා රෙජිමේන්තුවේ සහ 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම සංස්කෘතික සංදර්ශනය නැරඹීම සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් වැසියන් පිරිසක් ද සහභාගී වූහ.