ආපදා සහන මෙහෙයුම්

2025 නොවැම්බර් මස 26 වන දින සිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ඇති වී ඇති ආපදා තත්ත්වයන්ට මුහුණ දී සිටින සාමාන්‍ය ජනතාව මුදවා ගැනීමට සහ ඔවුන් හට සහන සේවා සැපයීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් කටයුතු කරනු ලබයි. ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් කල්ලරිච්චෙල්, සමන්තුරෙයි ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු ගසක් ඉවත් කිරීම සඳහා 24 වන පාබල සේනාංකයේ 241 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කටයුතු කරන ලදී. එහිදී, භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී පීඩාවට පත් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කරමින්, සිදුවීමට තිබූ හානි වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.


පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල හානි සිදුවූ අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් පැවති එම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසු අවතැන් වූවන් ගලවා ගැනීම සඳහා මෙන්ම අතුරුදහන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර, එම කාර්යයන් වඩාත් තීව්‍ර කරමින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් යුද්ධ හමුදා විසින් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට සහය වෙමින් ඔවුන්ගේ දෛනික ජීවන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.