16th December 2025
2025 නොවැම්බර් මස 26 වන දින සිට දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ඇති වී ඇති ආපදා තත්ත්වයන්ට මුහුණ දී සිටින සාමාන්‍ය ජනතාව මුදවා ගැනීමට සහ ඔවුන් හට සහන සේවා සැපයීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් කඩිනමින් කටයුතු කරනු ලබයි. ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් කල්ලරිච්චෙල්, සමන්තුරෙයි ප්‍රදේශයේ නිවසක් මතට කඩා වැටුණු ගසක් ඉවත් කිරීම සඳහා 24 වන පාබල සේනාංකයේ 241 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කටයුතු කරන ලදී. එහිදී, භටපිරිස් විසින් කඩිනමින් ක්‍රියාත්මක වී පීඩාවට පත් සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්‍ෂා කරමින්, සිදුවීමට තිබූ හානි වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.
තවද, 3 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඇල්ලකොටලිය ගම්මානයේ ගංවතුර තත්ත්වයෙන් විපතට පත් සිවිල් වැසියන් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී. එහිදී, පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකු මුදවා ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරනු ලැබීය.
ආපදා තත්ත්වයෙන් එම පිරිස මුදවා ගෙන ආරක්‍ෂිතව ආදාල ස්ථාන වෙතට යොමුකර ඇති අතර, අවශ්‍ය පරිදි අඛණ්ඩ සහාය ලබා දීම සඳහා භටපිරිස් මෙම ස්ථානවල රදවා සිටිති.
මේ අතර, මාතලේ දිස්ත්‍රික්කයේ පත්හේපල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව 2025 නොවැම්බර් මස 27 වන දින පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පත්හේපල කොට්ඨාශයේ ලෙලකුඹුර ප්‍රදේශයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් අවතැන්ව සිටි පස් දෙනෙකුගෙන් යුත් පවුලක් බේරා ගැනීමට 1 වන විශේෂ බලකායේ භටපිරිස් සමත් වී ඇත.
එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි 11 වන පාබල සේනාංකය, 111 පාබල බලසේනාව, 112 පාබල බලසේනාව, 641 පාබල බලසේනාව, 642 පාබල බලසේනාව සහ බලසේනාව සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් 2025 නොවැම්බර් 26 සිට 27 දක්වා බලපෑමට ලක් වූ ප්‍රදේශවල අත්‍යවශ්‍ය සහන සේවා සැපයීම සඳහා යොදවා ඇත. අවතැන් වූවන් බේරා ගැනීම, පස් කඳු කඩා වැටීමෙන් මාර්ගයන්හි ඇති වූ බාධක ඉවත් කිරීම සහ නායයෑම් හේතුවෙන් අතුරුදහන් වූ පුද්ගලයින් සෙවීම මෙහෙයුම් කටයුතු එම භටපිරිස් විසින් සිදුකරයි.
තවද, භටපිරිස් විසින් මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්ක, අඹේවෙල, රුප්පහ, උඩදුම්බර, කන්දගොල්ල, පස්සර, කන්දකැටිය, පාතහේවාහැට, සොරණාතොට, නුවරඑළිය, මාතලේ සහ තෙල්දෙණිය යන දිස්ත්‍රික්කවල සහන සේවා මෙහෙයුම් සිදු කරනු ලබයි.
මීට අමතරව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ඇති 14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 24 වන පාබල සේනාංක බලප්‍රදේශයේ ඇති පොතුවිල්-උල්ල ප්‍රදේශයේ දූවේ ආරු වම් ඉවුරට යොදවා ඇති අතර, එහිදී එම භටපිරිස් විසින් ගං ඉවුරේ ඛාදනය වැළැක්වීම සඳහා වැලි කොට්ට යොදා ආරක්‍ෂිත බාධකයක් ඉදි කරන ලදී.
මේ අතර, 2025 නොවැම්බර් මස 26 වන දින, නැදුන්කේනි මූලික රෝහලේ බාහිර රෝගී අංශය ගංවතුර තත්ත්වයට මුහුණ දී අඩි දෙකකට ආසන්න ප්‍රමාණයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ගේ උපදෙස් මත 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මඟපෙන්වීම යටතේ 561 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 16 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කණ්ඩායමක් අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා පවත්වාගෙන යාමට රෝහල වෙත යොදවන ලදී.
එහිදී, භටපිරිස් විසින් බාහිර රෝගී අංශයට තවදුරටත් ගංවතුර ඒම වැළැක්වීම සඳහා වැලි කොට්ට යොදන ලදී. අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද, ගංවතුර ගලා ඒම අඩු කිරීමට සහ රෝහලේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ආරක්‍ෂා කරමින් පීඩාවට පත් ප්‍රජාවට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය සහාය භටපිරිස් විසින් ලබාදෙනු ලබයි.
තවද, යුද්ධ හමුදා භටයින් විසින් කයිලගොඩ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 38 දෙනෙකු බේරාගෙන වැඩිදුර ප්‍රතිකාර සහ සහාය ලබාදීම සඳහා ආපදා සහන සේවා මධ්‍යස්ථානයට භාර දෙන ලදී.
අයහපත් කාලගුණය හේතුවෙන් රඹුක්වැල්ල ප්‍රදේශයේ A26 මාර්ගයේ ඇති වූ අවහිරතාවයක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පොලිස් නිලධාරින් සහ මාර්ග සංවර්ධන අධිකාරිය සමඟින් යුද්ධ හමුදා සාමාජිකයන් කඩිනමින් කටයුතු ආරම්භ කළහ.
මේ අතර, 2025 නොවැම්බර් මස 26 වන දින ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හොරොව්පොතාන ප්‍රදේශයේ කකුල්බැදිදිගිලිය වැවේ හානියට පත් වූ සොරොව්ව අලුත්වැඩියා කිරීම සඳහා 211 වන පාබල සේනාංකයේ භටපිරිස් ප්‍රාදේශීය බලධාරින් වෙත අවශ්‍ය සහාය කඩිනමින් ලබා දෙනු ලැබීය. එහිදී භටපිරිස් විසින් සොරොව්වේ බැම්ම යථා තත්ත්වයට පත් කර ජලය පිටතට ගලා යාම වලක්වන ලදී.
රට පුරා අයහපත් කාලගුණික තත්ත්වයන් අඛණ්ඩව පැවතුනද, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සහ 12 වන පාබල සේනාංකයේ භටපිරිස් මොණරාගල දිස්ත්‍රික්කයේ ආපදා සහන මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කරයි.
එහිදී, 18 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කඳවිල ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් වූ පවුල් 13ක පුද්ගලයින් 50 දෙනෙකු බේරා ගෙන ඔවුන් සියලුම දෙනා මැදගම, පිටදෙණිය ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත තාවකාලික සහන සේවා කඳවුර වෙත යොමු කරන ලදී.
එමෙන්ම, අධික වර්ෂාපතනය හේතුවෙන් කුඹුක්කන් ඔය අමුණෙහි අපද්‍රව්‍ය රැස්වීම හේතුවෙන් ජලය ගලායාම අවහිර වීම හේතුවෙන් 121 වන පාබල බලසේනාවේ භටපිරිස් එම අපද්‍රව්‍ය ඉවත් කරන ලදී. ඊට අමතරව, අමුණු බැම්මේ ඛාදනයට ලක් වූ කොටසක් වෙත වැලි කොට්ට යොදා බැම්ම ශක්තිමත් කරන ලදී.
මේ අතර, 121 වන පාබල බලසේනාවේ තවත් භටපිරිස් කණ්ඩායමක් විසින් 3 වන සැතපුම් කණුව අසල කුඹුක්කන් ඔය ඇළ මාර්ගය අවහිර වෙමින් කඩා වැටී තිබූ ගස් ඉවත් කරන ලදී.
එමෙන්ම, 5 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදුන් යන්ත්‍රෝපකරණ ආධාරයෙන් පස්සර - බදුල්ල ප්‍රධාන මාර්ගය ගමනාගමනයට සුදුසු පරිදි එම මාර්ගයේ අවහිරතා ඉවත් කරන ලදී.
7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 නොවැම්බර් මස 28 වන දින කදුරුවෙල ප්‍රදේශයේදී ගංවතුරෙන් අවතැන් වූ ගැබිනි කාන්තාවක් ඇතුළු සිවිල් වැසියන් තිදෙනෙකු බේරා ගන්නා ලදී.
මේ අතර, 14 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් අබන්විල වැඩිහිටි නිවායේ නේවාසිකව සිටින පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු, කාන්තාවන් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 32 දෙනෙකු ඉවත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිරට අයත් 223 පාබල සේනාංක බලප්‍රදේශයේ ස්ථාපිත 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් කඩා වැටීමේ අවදානමකට ලක්ව තිබූ ගල්මැටියාව, කුඩුගලමැටියාව වැවෙහි වේල්ල දෙපස වැලි කොට්ට යොදා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්‍රදේශවාසීන්ගේ ද සහයෝගය ඇතිව සිදුකරන ලදී.
තවද, 2 වන (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වනාන්තර ප්‍රදේශයක අතරමංව සිටි සිවිල් වැසියන් (ගොවීන්) හත් දෙනෙකු බේරා ගන්නා ලදී.
මීට අමතරව, 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පුල්මුඩෛයි ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට ආහාර ලබා දීමේ කටයුතුවල නිරත වූ අතර, 2025 නොවැම්බර් මස 28 වන දින අධික සුළඟ හේතුවෙන් පීඩාවට පත් වූ නාමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඔවුන්ගේ නිවෙස් අවට පිරිසිදු කිරීමට 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සිය සහාය ලබාදෙන ලදී.
එමෙන්ම, 11 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඇහැලියගොඩ ප්‍රදේශයේ හදිසි ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කල අතර, එහිදී ගංවතුර හේතුවෙන් නිවසේ සිරවී සිටි මාස 11 ක දරුවෙකු ඇතුළු සිවිල් වැසියන් 11 දෙනෙකු බේරා ගෙන ආරක්‍ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලදී. මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් විසින් 2025 නොවැම්බර් මස 28 වන දින ගලවා ගැනීමේ සහන සේවා මෙහෙයුම් අඛණ්ඩව සිදුකරමින් ඇලපාත ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන්ව සිටි සිවිල් වැසියන් සිව් දෙනෙකු බේරා ගන්නා ලදී.
ඩී.එස්. සේනානායක විද්‍යාලය ඉදිරිපිට මාර්ගය හරහා කඩා වැටී තිබූ විශාල ගසක් යුද්ධ හමුදා භටපිරිස් විසින් කඩිනමින් ඉවත් කර ග්‍රෙගරි පාරේ රථ වාහන ගමනා ගමනය තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට හැකි විය. එම ගස කඩා වැටීම හේතුවෙන් ආර්.ජී. සේනානායක මාවතේ සිට බෞද්ධාලෝක මාවත දක්වා මාර්ගය ද අවහිර වී තිබුණි.
11 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් එදිනම රත්නපුර මහ පල්ලිය ප්‍රදේශයේ ගංවතුරෙන් කොටු වී සිටි සිවිල් වැසියන් 40 දෙනෙකු ආරක්‍ෂිතව ඉවත් කරන ලදී.
1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මිහිරිගම සහ මදුරුපිටිය යන ප්‍රදේශයන්හි ජීවිතාරක්‍ෂක මෙහෙයුමක් සිදු කරමින් දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන් සිරවී සිටි බොහෝ පිරිසක් බේරා ගන්නා ලදී. එසේම, තවත් හදිසි ආපදා මෙහෙයුමකදී, යුද්ධ හමුදා භටපිරිස් විසින් වැලිහිද ප්‍රදේශයේ ගංවතුරට සිරවී සිටි සිවිල් වැසියන් 15 දෙනෙකු බේරා ගන්නා ලද අතර, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් කණ්ඩායමක් විසින් ද වැඩිහිටි පුද්ගලයන් 14 දෙනෙකු සහ එක් දරුවෙකු ආරක්‍ෂිතව ඉවත් කරන ලදී.
2025 නොවැම්බර් මස 28 වන දින, පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, අච්චුවේලි, නවන්තුරෙයි දකුණ සහ නල්ලූර් යන ප්‍රදේශවල නිවාස මතට ගස් කඩා වැටීමෙන් එම නිවාසවලට හානි සිදුවූ අතර, අනතුරුව 51 වන පාබල සේනාංකයේ භටපිරිස් හානියට ලක් වූ එම නිවාස පිළිසකර කිරීම සඳහා සහාය ලබාදෙන ලදී.
අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ හදිසි ආපදාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් යොදවා තිබූ අතර, ඒ අනුව 122 පාබල බලසේනා බලප්‍රදේශයේ තෙලබුයාය ප්‍රදේශයේ, වීරකැටිය සමාජ සේවා දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි දෙකක් මතට ගස් කඩා වැටී තිබුණි. කඩා වැටුණු එම ගස් කපා ඉවත් කිරීම සඳහා 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් කණ්ඩායමක් යොදවන ලදී.
ඊට අමතරව, එම ඒකකයේ භටපිරිස් සෙල්ල කතරගම සිට කතරගම ලක්ෂ්මී දේවාලය දක්වා වූ මාර්ගය අවහිර වීමෙන් අවතැන් වූ සිවිල් වැසියන් බෝට්ටු මගින් ආරක්‍ෂිත ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සහාය ලබාදෙනු ලැබීය.
මේ අතර, 12 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හල්මිල්ලෑව, ‘අට්ටික්ක අමුණ’ බෝක්කුව අසල මාර්ගය ඛාදනය වැළැක්වීම සඳහා වැලි කොට්ට යොදන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ රාජකාරියෙහි නියුතු 144 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 නොවැම්බර් 28 වන දින පාර්ලිමේන්තුව අවට ප්‍රදේශය වටා ගංවතුර පැතිරීම වැළැක්වීම සඳහා එම ස්ථාන වෙත වැලි කොට්ට යොදා අවශ්‍ය ආරක්‍ෂිත ක්‍රියා මාර්ග ගන්නා ලදී.
එමෙන්ම, 141 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 නොවැම්බර් මස 29 වන දින තිහාරිය, පහළගම, ගම්පහ, බෝමිරිය, මැදවත්ත සහ ගනේවත්ත යන ප්‍රදේශවල ගංවතුර හේතුවෙන් අවතැන් වූ පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ලදී. එසේම, 5 රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් හංවැල්ල, සාලාව වත්තෙහි පිහිටි අමිලසිරි භික්ෂූ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගාතුරව වැඩ සිටින භික්ෂූන් වහන්සේලා 28 දෙනෙකු සාර්ථකව මුදා ගන්නා ලදී.
2025 නොවැම්බර් 28 වන දින සිට දිවයින පුරා පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් හෙළගම සහ ඉලුක්පිටිය යන ගම්මාන අතර ඇති ඇළ මාර්ගය හරහා ඉදිකර ඇති පාලම මතට කඩා වැටී තිබූ ගසක් 121 පාබල බලසේනාවේ භටපිරිස් කණ්ඩායමක් විසින් ඉවත් කර ගමනා ගමන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලදී. එමෙන්ම, 213 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ගංවතුර හේතුවෙන් බස් රථයක සිරවී සිටි සිවිල් වැසියන් පිරිසක් ද බේරාගන්නා ලදී.
අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ දැඩි ගංවතුර තත්ත්වයෙන් අවතැන්ව සිටි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 299 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලකුඹුර RWP RSP ndu psc ගේ මඟෙපෙන්වීම යටතේ, යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 නොවැම්බර් මස 29 වන දින බේරා ගන්නා ලදී.
මුදා ගන්නා ලද සියලුම රැඳවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තාවකාලික සහන සේවා කඳවුරු වෙත යුද්ධ හමුදා බස් රථ මගින් නව සේනපුර තෘතියික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය වෙත ආරක්‍ෂිතව රැගෙන කරන ලදී.
මෙම ගලවා ගැනීමේ මෙහෙයුම 233 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ, 1 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කරනු ලැබීය. තවද, ගංවතුරින් පීඩාවට පත් රැඳවියන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ගැනීමට මෙම මෙහෙයුම සඳහා යුද්ධ හමුදාවට අයත් WMZ සන්නද්ධ රථ සහ නාවික හමුදා බෝට්ටු භාවිතා කරන ලදී.
2025 නොවැම්බර් 29 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් ආපදා සහන මෙහෙයුම් කිහිපයක නිරත වූහ. එහිදී, අඹතලේ Heyles Warehouse විසින් පරිත්‍යාග කරන ලද සිරින්ජර 500,000 ක්, අත්‍යවශ්‍ය ඖෂධ ආදී ද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය සහය ලබා දුන්හ.
තවද, භටපිරිස් විසින් ජලය මට්ටම ඉහළ යාම හේතුවෙන් ගංවතුරෙන් පීඩාවට පත් කොටුවිල ප්‍රදේශයේ පවුල් 28 කට අයත් අතර පිරිමි පුද්ගලයින් 34 දෙනෙකු, කාන්තාවන් 31 දෙනෙකු සහ ළමුන් 26 ක් දෙනෙකු ආරක්‍ෂිතව මුදවා ගන්නා ලදී.
එසේම, 8 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් කොට්ටුන්න ප්‍රදේශයේ කඩිනම් ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කළ අතර, එහිදී චීන ජාතිකයන් තිදෙනෙකු ඇතුළුව ගංවතුරෙන් පීඩාවට පත් කාන්තාවන් පස් දෙනෙකු ආරක්‍ෂිතව ඉවත් කරන ලදී.
මේ අතර, 14 වන පාබල සේනාංකයේ උපදෙස් මත 14 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කොළොන්නාව ප්‍රදේශයේ සහන සේවා මධ්‍යස්ථානයක් වෙත ආහාර පාර්සල් 750 ක් බෙදා දුන් අතර, 3 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි සහයෝගයෙන් පල්ලෙගම, මහජන පොළ අසල ගිංගඟේ ජලය ගලායාමට බාධා කරමින් කඩා වැටුණු නුග ගසක් ඉවත් කරන ලදී.
ඊට අමතරව, 14 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ජා-ඇල සහ ඒකල ප්‍රදේශයන්හි සිදුකරනු ලැබූ ගලවා ගැනීමේ මෙහෙයුමක් සඳහා ජා-ඇල පොලිසිය වෙත සහාය ලබාදුන්හ. එහිදී ගංවතුරෙන් පීඩාවට පත් භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 61 දෙනෙකු ආරක්‍ෂිතව ඉවත් කරන ලදී. 8 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් ද කළුකොඩයාව ප්‍රදේශයේ ගලවා ගැනීමේ මෙහෙයුමක් සිදු කළ අතර, එහිදී ගංවතුර තත්ත්වය හේතුවෙන් අවතැන්ව සිටි පිරිමි පුද්ගලයින් 55 දෙනෙකු, කාන්තාවන් 54 දෙනෙකු සහ ළමුන් 30 ක් ඇතුළුව පුද්ගලයින් 139 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කරන කරන ලදී.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් එම බලප්‍රදේශයේ ආපදා මෙහෙයුම්වල නිරත වූහ. ඒ අනුව 16 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කනකරායන්කුලම් වැව් බැම්මේ හානියට පත් වූ කොටසක ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලදී.
තවද, අධික වර්ෂාපතනය හේතුවෙන් කුරිසුද්දකුලම් වැව් බැම්මේ අඩි 25 ක පමණ කොටසකට සහ පුලවනාර්කුලම් වැව් බැම්මේ කොටසකට හානි සිදුවූ අතර, ඒ අනුව 12 වන (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තවදුරටත් සිදුවිය හැකි හානි වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදුකරන ලදී.
මීට අමතරව, වවුනියාව දිස්ත්‍රික්කයේ පාලිනගර් ප්‍රදේශයේ අර්ධ වශයෙන් කැඩී ගිය තුවරන්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා 10 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සිය සහාය ලබා දුන්හ.
අධික වර්ෂාපතනය හේතුවෙන් පොළොන්නරුව පොදු ක්‍රීඩා සංකීර්ණයේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයේ ඇති නෙළුම්වැව සහ ගල්ලෑල්ල ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන් 565 දෙනෙකු පමණ යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 නොවැම්බර් 28 වන දින බේරා ගන්නා ලදී. ඒ අතර, ගර්භනී කාන්තාවන් කිහිප දෙනෙක් ද වූහ. තවද, අවතැන් කඳවුරුවල සිටින සිවිල් වැසියන් 3,000 කට ආසන්න පිරිසකට සහන සැලසීම සඳහා 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කරනු ලැබීය. එමෙන්ම, 23 වන පාබල සේනාංක බල ප්‍රදේශය තුළ ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ව්‍යසනයන්ට සඳහා සහන සේවා මෙහෙයුම් සිදුකිරීමට 7 වන සැහැල්ලු රෙජිමේන්තුව කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන් අතර, 12 වන බලඇණිය ගැමුණු හේවා බලඇණිය භටපිරිස් විසින් ද ආපදා සහන සේවා කටයුතු වල නිරත වෙයි.
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශයට අයත් චිරාඩ්ඩිකුලම් ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් වූ පිරිස් මුදවා ගැනීමට එම මූලස්ථානය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇත. ඒ අනුව, 10 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. තවද, 2025 නොවැම්බර් මස 27 වන දින කලා ඔය පාලම අසලදී විදේශිකයෙකු, යාපනය මහාධිකරණ විනිසුරුවරයෙකු, භික්ෂූන් වහන්සේ නමක් සහ දරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 69 දෙනෙකු රැගත් මගී බස් රථයක් ගංවතුරට හසුවීමෙන් ඇති වූ සිදුවීමකින් පසුව, ත්‍රිවිධ හමුදාව විසින් ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 3 වන (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රන්හෙලගම, ඇල්ලකොටලිය, සල්පිටිගම සහ විජයපුර යන ගම්මානවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් සිරවී සිටි පිරිසක් බේරා ගත් අතර, 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ද ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා සහයෝගය ලබාදුන්හ.
එසේම, දිවයින පුරා ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන හදිසි ආරක්‍ෂක මධ්‍යස්ථාන ආවරණය කරමින් පිසූ ආහාර ලබාදීමේ කටයුතු ද යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබයි.
මේ අතර, ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙත ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් 2025 නොවැම්බර් මස 30 වන දින පහළ හංවැල්ල රාජසිංහ විද්‍යාලයේ පැවති සඳහා ඒ සඳහා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සහභාගි විය.
දඹුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීමකට අනුව, 53 පාබල සේනාංකයේ භටපිරිස්, දඹුල්ල රෝහලට සහ අවට ප්‍රදේශවලට ඇණහිට තිබූ ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉතා වැදගත් මෙහෙයුමක් දියත් කරන ලදී.
පාබල පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් විසින් දැඩි ලෙස හානියට පත් වූ මහියංගනය ජල සම්පාදන මණ්ඩලයේ ජල පිරිපහදුව පිරිසිදු කර, අලුත්වැඩියා කර යථා තත්ත්වයට පත් කර කාලගුණයෙන් පීඩාවට පත් ප්‍රදේශවාසීන්ට ජල සැපයුම ආරක්‍ෂිතව සපයා ගත හැකිවන පරිදි අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.
මීට අමතරව, 1 ගජබා රෙජිමේන්තුවේ සහ මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ භටපිරිස් විසින් මහියංගණය ජාතික රෝහල අවට ප්‍රදේශ පිරිසිදු කර රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත්කිරීම හේතුවෙන් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර නැවත ලබාගැනීමට හැකි විය.
පවතින කාලගුණික තත්ත්වයන් හේතුවෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් මානුෂීය ආධාර ලබාදීමේ කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව, 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වැලිකන්දල් හි 10 වන සැතපුම් කණුව අසල කැඩී තිබූ පාලමක් හරහා සිවිල් වැසියන්ට ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සැලසූ අතර අවතැන් වූ පවුල්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමට ද සහාය විය.
ගංවතුර හේතුවෙන් ගමනා ගමන කටයුතු අදාල වීම හේතුවෙන් 552 වන පාබල බලසේනාවේ සහ 10 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් 2025 නොවැම්බර් මස 30 වන දින රජයේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ආධාර KN/68 කෞතරමුනේ වෙත ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සහාය ලබාදුන් අතර, 523 වන පාබල බලසේනාවේ සහ 11 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තවේ 22 දෙනෙකුගෙන් යුත් භටපිරිස් කණ්ඩායමක් පීඩාවට පත් ජනතාවට දිවා ආහාර පාර්සල් 350 ක් බෙදා දුන්හ.
මීට අමතරව, 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පෙර පාසලක වහලයකට හානි සිදුකරමින් කඩා වැටුණු ගසක් ඉවත් කරන ලද අතර, 7 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එම බලප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව වැලි කොට්ට යොදා ගනිමින් පුදුයියන්කුලම් වැව් බැම්මේ හදිසි අලුත්වැඩියා කටයුතු සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් කන්තලේ, සූරියපුර ගම්මානයේ ගොවීන් පිරිසක් බෙරා ගැනීමේ මෙහෙයුමක් සිදු කර ඔවුන් ආරක්ෂිතව ඉවත් කරන ලදී. මේ අතර, 11 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලකට හානි සිදුකරමින් කඩා වැටි තිබූ ගසක් ඉවත් කරනු ලැබීය. 12 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් ද පුලිපන්ච්කල්-කිරාන් මාර්ගය ඔස්සේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාමට සහාය ලබාදුන්හ.
මීට අමතරව, 15 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් රකුලි ගම්මානයේ මහවැලි ගඟ දෙපස අවතැන්ව සිටි පවුල් 94 ක සිවිල් වැසියන් 184 දෙනෙකු බේරාගෙන නහාර් බාලිකා විද්‍යාලයේ අවතැන් මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදී. එමෙන්ම, 3 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදා කාශ්‍යප කඳවුරෙහි සහාය ඇතිව 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් අධික වර්ෂාපතනය හේතුවෙන් ජලයෙන් යට වූ කන්දකාඩු හි නවෝදාව පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 299 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 60 කට වැඩි පිරිසක් ආරක්‍ෂිතව සීනිපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැගෙන යන ලදී.
එසේම, නොවැම්බර් 30 වන දින අධික වර්ෂාවෙන් හානි වූ පොතුවිල්-උල්ල පාලම අලුත්වැඩියා කිරීම සඳහා 14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මාර්ග සංවර්ධන අධිකාරියට සහාය ලබාදුන්හ.
අධික වර්ෂාපතනය හේතුවෙන් කුරිසුඩ්ඩකුලම් වැවෙහි අඩි 4 සිට අඩි 8 දක්වා උසකට ජලය පිටාර ගැලීම හේතුවෙන් වැව් බැම්මේ තාවකාලිකව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 8 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් සිය සහාය ලබා දෙන ලදී.
මේ අතර, 541 පාබල බලසේනාවේ භටපිරිස් නාවික හමුදා භටපිරිස් සමඟ එක්ව සිතුමිණියගර්කුලම් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 27 දෙනෙකු බේරාගෙන ඔවුන් ආරක්ෂිතව ඉවත් කරන ලදී.
23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් කැන්දගොල්ල ප්‍රදේශයට සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකිරීම මෙන්ම විපතට පත් ජනතාවට ආධාර සැපයීමට යොදවා ඇත.
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සම්බන්ධීකරණයෙන්, 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 බලඇණිය ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් නායයෑමක් හේතුවෙන් බාධා එල්ල වූ අඹගස්දෝව ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී. මීට අමතරව, කුමාරසිංහ මාවතේ ජල ටැංකිය පිරිසිදු කරමින් පදිංචිකරුවන්ට ආරක්ෂිත ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන ලදී.
2025 නොවැම්බර් මස 30 දින, හපුතලේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව රෝහලේ පිටුපස බිත්තිය කඩා වැටීමෙන් හානි වූ දියතලාව ක්‍රිස්තු රජ්‍ය දේවස්ථානයේ සුන්බුන් සහ පස් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ ආපදා සහන භටයන් සහාය විය.
සිට සෝමපුර දක්වා සිවිල් වැසියන් 10 දෙනෙකු ඉවත් කළ අතර, අල් අම්රා මුස්ලිම් මහා විද්‍යාලයේ අවතැන් වූවන්ගේ මධ්‍යස්ථානයක් පිහිටුවා පවුල් 50 ක් සඳහා නවාතැන් පහසුකම් සැපයීය. 232 පාබල බලසේනාවේ භටපිරිස් ද මුරුතන් ගම්මානයේ පවුල් 200 කට වියළි ආහාර සලාක පාර්සල් බෙදා දුන්හ.
2025 දෙසැම්බර් මස 01 වන දින, විදුලි බිඳවැටීම හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහාය වීම සඳහා 241 පාබල බලසේනාව විසින් එම බලසේනා පරිශ්‍රය අසල පැය 24 පුරාම ක්‍රියාත්මක වන ජංගම දුරකථන ආරෝපණ කිරීමේ පහසුකම් ලබාදීමේ මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී.
එමෙන්ම, කාත්තන්කුඩි ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් රු. 2,500,000 ක පමණ වටිනකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් 500 ක් 24 පාබල සේනාංකයේ සහ 243 පාබල බලසේනාවේ භටපිරිස්හි සහයෝගයෙන් මුතූර් සහ මාවිල්ආරු ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල ආරක්‍ෂිත මධ්‍යස්ථානයන්හි සිටින පවුල් අතර බෙදා දුන් අතර, ඒ සඳහා 233 පාබල බලසේනාවේ සහායද ලැබිණි.
තවද, 59 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මුලතිව් ශාන්ත පීතර දේවස්ථානයේ සහ ජුම්මා පල්ලියේ ස්ථාපිත කර ඇති අවතැන්වූවන්ගේ මධ්‍යස්ථාන දෙකකට වියළි ආහාර සලාක බෙදා දෙන ලදී. ඊට අමතරව, 54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ හදිසි ආපදා ප්‍රතිචාර කණ්ඩායමක් විසින් මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සහ පවුල් 260 ක් බේරාගෙන ඔවුන්, මන්නාරම ප්‍රදේශයේ අවතැන්වූවන්ගේ මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන ලදී.
මේ අතර, මාදුරු ඔය යුද්ධ හමුදා පුහුණු පාසලට අනුයුක්තව රාජකාරි සිදුකරනු ලබන 53 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් මහියංගනය - බදුල්ල මාර්ගයේ කිලෝමීටර් 15 ක දුර ප්‍රමාණයක් ගමනා ගමනයට සුදුසු වන පරිදි යථා තත්ත්වයට පත්කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ රාජකාරි සිදුකරනු ලබන 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් නාගලවත්ත ප්‍රදේශයේදී වැඩිහිටි පුද්ගලයින් 33 දෙනෙකු බේරා ගන්නා ලදී. මේ අතර, 11 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 22 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කටුගස්තොට සහ දංගොල්ල ජල පවිත්‍රකරණ මධ්‍යස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ අතර, 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් 2025 නොවැම්බර් මස 30 වන දින මහනුවර සිට බදුල්ල දක්වා මාර්ගයේ කිලෝමීටර් 2 ක දුරක් පිරිසිදු කරන ලදී.
පැවති අධික වර්ෂාව සහ තද සුළං හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ චුල්ලිපුරම්, වික්ටෝරියා විද්‍යාලයට හානි සිදුවූ අතර, ඒ අනුව 2025 දෙසැම්බර් මස 01 වන දින 11 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.
21 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අර්ධ වශයෙන් හානි වූ ඇතිපිලව්, පෙරියකුලම් වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය දායකත්වය ලබාදෙන ලදී. එමෙන්ම, 6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් ද ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයන් වෙත පානීය ජලය සැපයූ අතර, 9 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිරිබ්බන්වැව ග්‍රාමීය රෝහලේ ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ ජල පොම්පයක් සහ විදුලි උත්පාදක යන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදුකල අතර, නෙළුම්වැව සිට සිංහපුර දක්වා වූ මාර්ගයේ දෙපස අලුත්වැඩියා කිරීමේ කටයුතු ද එම ඒකකයේ භටපිරිස් විසින් සිදුකරන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc ගේ අධීක්‍ෂණය යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් විසින් ඇඹුල්ගම, රජමහා විහාරස්ථානයේ සහ පනාගොඩ, කපුරුගොඩ ස්ථාපිත අවතැන් කඳවුර වල රැදී සිටින පුද්ගලයින් වෙත පිසූ ආහාර පාර්සල්, වියළි ආහාර සලාක සහ පානීය ජල බෝතල් බෙදා දෙනු ලැබූහ.
එසේම, 2025 නොවැම්බර් මස 30 වන දින 223 පාබල බලසේනාවේ භටපිරිස් විසින් යුනිබෆල් රථයක් භාවිතා කරමින් නීලපොළ ගම්මානයේ සිට සෝමපුර දක්වා සිවිල් වැසියන් ඉවත් කරන ලද අතර, කොට්ටියාරාමයේ (ගල් කන්ද පන්සල) අවතැන්ව රැඳී සිටි පුද්ගලයින් 400 දෙනෙකු වෙත රාජ්‍ය නිලධාරින් සමඟ සම්බන්ධිකරණයෙන් පිසූ ආහාර, වියළි ආහාර සලාක සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී.
20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 01 වන දින, මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ සහයෝගයෙන් ත්‍රිකුණාමලය - පුල්මුඩෛයි (B424) මාර්ගයේ හානියට පත් කොටසක් ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ අතර, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් තිහිලිවෙඩෙයි, පුලිපන්චිකල් සහ කුලවාඩි යන ප්‍රදේශයන්හි ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 300 ක් සඳහා වියළි ආහාර සලාක මලු බෙදා දුන් අතර, 3 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදවා ගත් පිරිස් ද ඇතුළුව ගංවතුරෙන් පීඩාවට පත් සේරපිටිය, විජයපුර, වබෙදගම සහ සල්පිටිගම යන ප්‍රදේශ වල ස්ථාපිත සහන සේවා කඳවුරුවල සිටින අවතැන් වූ පුද්ගලයින් 1,655 දෙනෙකු වෙත (පවුල් 472) අත්‍යවශ්‍ය ආධාර අඛණ්ඩව සපයනු ලබයි. මීට අමතරව, 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ගල්ලෑල්ල ප්‍රදේශයේ තාවකාලික අවතැන් වූ කඳවුරුවල පුද්ගලයින් 300 දෙනෙකු වෙත ආහාර ලබා දෙන ලදී.
54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 4 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 01 දින පූමලන්තන් ප්‍රදේශයේ පවුල් 33ක් (පුද්ගලයන් 127ක්) ඉවත් කර කට්ටියාඩප්පන් පාසලේ ස්ථාපිත අවතැන් වූවන්ගේ රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යන ලදී. ඊට අමතරව, 10 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නායාරු පාලමෙහි තාවකාලික අලුත්වැඩියාවන් සිදුකරන ලද අතර, එමඟින් ප්‍රදේශයේ පා ගමනින් ගමන් කරන සිවිල් ජනතාවට ආරක්‍ෂිත ගමන් කිරීමට හැකි විය.
141 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 01 වන දින ගම්පහ සහ ජා-ඇල ප්‍රදේශවල ඇති වූ දරුණු ගංවතුරෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට ආහාර පාර්සල් 3,500 ක ප්‍රමාණයක්, පානීය ජල බෝතල් 3,000 ක් සහ අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය බෙදා දෙන ලදී. තවද, 2025 දෙසැම්බර් මස 02 වන දින 144 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදුන් වියළි ආහාර සලාක සහන සේවා මධ්‍යස්ථාන තුනක රැදී සිටින පීඩාවට පත් ජනතාව වෙත බෙදා දෙන ලදී. 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලද ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකල අතර, එහිදී අරණායක, නාරංගල ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයින් සිව් දෙනෙකු ආරක්‍ෂිතව ඉවත් කර කඩිනමින් ගුවන් මගින් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරන ලද අතර, 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පීඩාවට පත් තවත් 15 දෙනෙකු බේරා ගන්නා ලදී.
3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 02 වන දින කතරගම ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. තවද, බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ ආපදා සහන සේවා භටපිරිස් විසින් ජලාශකන්ද ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ මාර්ගයක් නැවත ගමනා ගමනයට සුදුසු වන පරිදි සැකසීමට කටයුතු කරන ලදී.
මීට අමතරව, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මාර්ග සංවර්ධන අධිකාරියේද සහාය ඇතිව යාපනය හන්දියේ සිට කොහොඹගස් හන්දිය දක්වා වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහය විය. එසේම, 59 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 14 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 01 වන දින ඇතිමුනේ ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ හානි වූ ජල නල පද්ධතියන් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා යොදවන ලද අතර, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් කලාවැව වැව් බැම්ම අසල මාර්ගය හරහා වැටී තිබූ ගසක් ඉවත් කර එම මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කරන ලදී.
2025 දෙසැම්බර් මස 02 වන දින 58 වන පාබල සේනාංකය යටතේ රාජකාරීන් සිදුකරනු ලබන යුද්ධ හමුදා භටපිරිස් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව, හානියට පත් තබ්බෝව වැව් පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළ අතර, එසේම බෙරිවිල, ඉගුරුවත්ත තේ කම්හල අසල නායයෑමට ලක් වූ ප්‍රදේශය පිරිසිදු කිරීමට සහාය ලබාදෙන ලදී.
මේ අතර, 59 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 10 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් චෙම්මලෛයි සිට නයාරු දක්වා වූ මාර්ගය ප්‍රතිසංස්කරණය කළ අතර, 12 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් 591 වන පාබල බලසේනාවේ සිට වට්ටප්පලෛයි දක්වා වූ මාර්ගය සහ වට්ටප්පලෛයි හන්දියේ සිට වට්ටප්පලෛයි කෝවිල දක්වා වූ මාර්ගය ද ප්‍රතිසංස්කරණයි කළහ.
51 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින අවතැන් වූ සිවිල් වැසියන් බේරා ගැනීම, කඩා වැටුණු ගස් ඉවත් කිරීම සහ 3,000 කට ආසන්න අවතැන් වූ පිරිසකට නවාතැන් පහසුකම් සපයන ආරක්‍ෂක මධ්‍යස්ථාන 28 ක් ස්ථාපනය කිරීම කළ අතර, 55 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් ගංවතුරෙන් පීඩාවට පත් පවුල් බේරා ගැනීම, ඉරණමඩු ජලාශයේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රධාන මාර්ග පිරිසිදු කිරීම සිදු කළ අතර, 52 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් ආරක්‍ෂක මධ්‍යස්ථාන 12 කට ආහාර ලබා දීම, A9 මාර්ගය පිරිසිදු කිරීම සහ මරදන්කේනි පාලම ප්‍රතිසංස්කරණය කිරීම ද සිදු කරන ලදී.
2025 දෙසැම්බර් මස 02 වන දින 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් රත්තොට - රිවර්ස්ටන් මාර්ගයේ මැදවත්ත දක්වා වූ කොටස ප්‍රතිසංස්කරණය කිරීමට සහ හපුවිද, උකුවෙල ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සහාය ලබාදෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 1 බළඇණිය ගැමුණු හේවා බලකායේ සෙබළුන් විසින් බදුල්ල – හෙළදළුව ජල මාර්ග පිරිසිදු කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් අච්චන්කුලම් හි සිලාවතුරෙයි-නන්තන් මාර්ගයේ අවහිර වූ වැලි ඉවත් කිරීම සිදු කළ අතර, 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් හානියට පත් නාවට්කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. ඊට අමතරව, සිවිල් වැසියන්ගේ සහභාගීත්වයෙන්, 5 (ස්වේච්ඡා) ගැමුණු හේබා බලකාය විසින් කඩා වැටුණු හොරොපාතාන වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් 11 පාබල සේනාංකයට අයත් 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නාය යෑම් හේතුවෙන් අවහිර වී තිබූ මුරුතලාව ප්‍රදේශයේ මාර්ග පිරිසිදු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියවෙත සහය දැක්වීමට යොදවන ලදී. තවද, 1 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් විසින් කරගස්තැන්න ප්‍රදේශයේ සන්නිවේදන සංඥා කුළුණු වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීම සිදු කරනු ලබන අතර, එම ඉන්දන ප්‍රවාහන කටයුතු සඳහා ගඟක් හරහා තාවකාලික ක්ෂේත්‍ර පාලමක් ද ඔවුන් විසින් ඉදිකරන ලදී. එසේම 4 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නායයෑම් හේතුවෙන් අවතැන් වූ දෙල්තොට ප්‍රදේශයේ පුද්ගලයන්27 දෙනෙකු සාර්ථකව බේරා ගන්නා ලදී.
55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 10 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ, 11(ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ, 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 14 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් මුතානගර්, පන්නන්කන්ඩි, අනන්තපුරම්, රත්නපුරම් සහ තඩ්ඩුවන්කොඩ්ඩි යන ප්‍රදේශවලට පානීය ජලය බෙදා දුන් අතර ශ්‍රී විග්නේෂ්වර පාසල, ජයපුරම් මහා විද්‍යාලය සහ වලයිපාඩු රෝමානු කතෝලික පාසලට ආහාර සපයන ලදී.
තවද, භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 02 දින පරන්තන් සිට තඩ්ඩුවන්කොඩ්ඩි දක්වා සිවිල් වැසියන්ට සහය වූ අතර මයිල්වානපුරම් හි ළිඳක් පිරිසිදු කිරීම සහ 52 පාබල සේනාංකය විසින් අල්වායි, තොණ්ඩමන්නාරු, මුහමලේ, එළුදුමඩ්ඩුවාල්-කිලාලි සහ තලයඩි-කඩෙයිකාඩු යන ප්‍රදේශ පිරිසිදු කිරීම, හානියට පත් ප්‍රදේශ පිළිසකර කිරීම, ආහාර පාර්සල් බෙදා හැරීම සහ ආරක්ෂිත රැදවුම් මධ්‍යස්ථාන වෙත පානීය ජලය සැපයීම සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 15 බලඇණය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් භාවිතා කරමින්, ගොඩබෑමේ කලාපයේ සිට මූතූර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දක්වා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරන ලදී.
11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 02 දින තිස්මඩම සිට හතරලියද්ද දක්වා මාර්ගය පිරිසිදු කිරීමේ මෙහෙයුමක් සිදු කරන ලදී.
මාර්ග සංවර්ධන අධිකාරියේ සහාය ඇතිව, 22 පාබල සේනාංකයට යටතේ ස්ථාපිත 15 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් මුතූර් මාර්ගය ප්‍රතිසංස්කරණය කටයුතු කිරීම සඳහා සහාය වූ අතර, පසුව එය සිවිල් ජනතාවගේ භාවිතයට විවෘත කරන ලදී. තවද, සිරිමංගලපුර කිලෝමීටර් 35 කණුව අසලදී, 9 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කාන්තලේ–සේරුවාවිල මාර්ගය ඔස්සේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
2025 දෙසැම්බර් මස 03 දින ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භට පිරිස් අඛණ්ඩ ආපදා සහන මෙහෙයුම් කිහිපයක් සිදුකරන ලදී. ගංවතුරෙන් පීඩාවට පත් පවුල් 65 කට පානීය ජලය, වියළි සලාක ආහාර පාර්සල් සහ ඇඳුම් බෙදා හැරීම සඳහා 9 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් සහය දක්වන ලද අතර, නාවත්කුලම් වැව් බැම්ම 56 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. මේ අතර, ත්‍රිකුණාමලය-පුල්මොඩෙයි (B424) මාර්ගයේ හානියට පත් කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් මාර්ග සංවර්ධන අධිකාරියට සහාය ලබා දුන්හ. තවද, අධික වර්ෂාපතනයෙන් පසු 5 (ස්වේච්ඡා) බලඇණිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භට පිරිස් 15 දෙනෙකු සිප්පියාරු ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළහ. 56 පාබල සේනාංකය යටතේ ඇති 16 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස්, ගම්වැසියන් සමඟ එක්ව, පල්ලවිලන්කුලම් වැව් බැම්මට ජල මට්ටම ඉහළ යාමෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා වැලි කොට්ට ඇතිරීම සහ 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිවිල් වැසියන්ගේ සහාය ඇතිව නෙරියකුලම් අමුණ ප්‍රතිසංස්කරණය කරන ලදී.
හලාවත ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් හලාවත රෝහල ගංවතුරට යට වීම හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත් විය. එම අවස්ථාවට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 6 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් රෝගීන් ආරක්ෂිතව කුරුණෑගල සහ මාරවිල රෝහල් වෙත මාරු කරන ලදී.
ජල ගැලීම හේතුවෙන් ආරුමේගණ්ඩු මාර්ගයේ අවිහිර වී තිබූ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු 54 පාබල සේනාංකයට අයත් 10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 04 දින සිදු කරන ලදී.
52 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ආපදා තත්ත්වයෙන් අවතැන් වූ ජේ/406 කත්කෝවලම් ප්‍රදේශයේ පවුල් සඳහා ආහාර පාර්සල් 200 ක් බෙදා දෙන ලදී.
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 04 දින මැටිබමිය –මන්දාරම්නුවර මාර්ගය ඔස්සේ පිරිසිදු කිරීමේ මෙහෙයුමක් සිදු කරන ලදී.
11 පාබල සේනාංකයේ 2 ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 03 දින මිණිපේ අමුණ පිරිසිදු කිරීම සිදුකරන ලදී. තවද, බෝවතැන්න ජල විදුලි බලාගාරය නැවත බලගැන්වීම සඳහා 4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් යාන්ත්‍රික පද්ධති සහ උපකරණ ප්‍රතිසංස්කරණය කිරීමට සහයෝගය ලබාදෙන ලදී.
55 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 03 දින වැලිකන්ද, 10 වන සැතපුම් කණුව අසල හානියට පත් පාලම මත තාවකාලික ආරක්‍ෂිත අඩිපාරක් ඉදිකිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහයෝගය ලබාදෙන ලදී.
අධික වර්ෂාපතනය හේතුවෙන් හානි වූ පම්පමඩු හි චෙක්කඩිප්ල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 56 පාබල සේනාංකයට අයත් 17 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සහයෝගය ලබා දුන් අතර, තවද හානියට පත්වූ හොරොපාතාන වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 5 (ස්වේච්ඡා) බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිවිල් ජනතාවට සහයෝගය ලබාදෙන ලදී.
මහනුවර යුද්ධ හමුදා මූලික රෝහල විසින් අවතැන් වූ සිවිල් වැසියන් වෙත වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතු මේ වන විට සිදු කරනු ලබයි.
111 පාබල සේනාංකයේ භට පිරිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර භට කණ්ඩායම විසින් නායයෑමෙන් විපතට පත් වූ නයිඅතුඔය ප්‍රදේශයේ සිවිල් වැසියන් දෙදෙනෙකු බේරා අතර, අනතුරුව ප්‍රතිකාර සඳහා ඔවුන් මැදමහනුවර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 111 පාබල බලසේනාව සහ යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා කණ්ඩායම් විසින් මේවන විට බබරබැද්ද බටහිර, බබරබැද්ද නැගෙනහිර සහ දේවින්දගම යන ප්‍රදේශවල නායයෑමෙන් විපතට පත් සිවිල් වැසියන් 800 ක් පමණ පිරිසක් මුදවා ගන්නා ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් රාජාංගණයෙහි 5 සැතපුම් කණුව අසල ඇළ මාර්ගය වැලි කොට්ට අතුරා අලුත්වැඩියා කළ අතර, 5 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් 2025 දෙසැම්බර් 05 දින ජලයෙන් පිටාර ගැලීම හේතුවෙන් හානියට පත්වූ හොරොපොතන වැව් බැම්ම අලුත්වැඩියා කිරීමේ කටයුතුවල නිරත විය.
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් අඩවල පාලම අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහාය වූ අතර, තවත් යුද්ධ හමුදා සාමාජිකයන් වික්ටෝරියා වේල්ලේ සිට මොරගහමුල්ල දක්වා දිවෙන මාර්ගය පිරිසිදු කිරීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් හානි වූ කැප්පෙට්ටිපොල-රෙන්දපොල මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා දයක විය.
4 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් අඩවල ප්‍රදේශයේ පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහාය වූ අතර, අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හානි වූ වික්ටෝරියා වේල්ලේ සිට මොරගහමුල දක්වා දිවෙන මාර්ගය එළිපෙහෙලි කිරීම සහ කැප්පෙටිපොල – රෙන්දාපොල මාර්ගය අලුත්වැඩියා කිරීමද මෙම භට පිරිස් විසින් සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 221 පාබල සේනාංකයේ භට පිරිස් විසින් ගම්වැසියන් සඳහා පානීය ජලය ලීටර් 13,200 ක් බෙදා දෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 04 දින නවගමුව සිට රණාල දක්වා දිවෙන මාර්ගයේ දෙපස පිරිසිදු කරන ලදී.
එසේම කුරුණියාවත්ත ප්‍රජා ශාලාව 2025 දෙසැම්බර් මස 05 දින යුද්ධ හමුදා භට පිරිස් විසින් පිරිසිදු කරන ලදී. එදින වලව්වත්ත - රණාල ප්‍රදේශයේ ජංගම වෛද්‍ය සායනයක් ද යුද්ධ හමුදා භට පිරිස් විසින් පවත්වන ලදී.
2025 දෙසැම්බර් මස 05 දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංකයට අයත් 12 බලඇණිය ගැමුණු හේවා බලකායේ භට පිරිස්, දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සොරුවිල සහ නාමල්පොකුණ ග්‍රාම නිලධාරී කොට්ඨාසවල ජනතාව අතර වියළි සලාක මලු 200 ක් බෙදා දෙන ලදී. තවද, 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ විසින් පුල්මුඩේ සහ කුච්චවේලි ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන අටකට වියළි සලාක මලු බෙදා දෙන ලදී.
22 පාබල සේනාංක බලප්‍රදේශයේ, MKD සහන සේවය වාලච්චේනයි හි සියලුම මුස්ලිම් පල්ලි සමඟ එක්ව, මුතූර් ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා රුපියල් 500,000 ක් වටිනා වියළි සලාක පැකට් 500 ක් පරිත්‍යාග කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් තලාගල මංගලාරාම මහා විහාරයේ ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද වියළි සලාක පාර්සල්, දෙහිඅත්තකණ්ඩිය සල්පිටිගම ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව අතර බෙදා දෙන ලදී.
මෑතකදී ඇති වූ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් යුද්ධ හමුදා රෝහලේ මානසික සෞඛ්‍ය ඒකකය විසින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී, ස්වභාවික විපත්වලට මුහුණ දුන් ජනතාව මුහුණ දෙන කම්පනය සහ මානසික ආතතිය අවම කිරීම කෙරෙහි අවධානය යොමු විය. ඒ අනුව 2025 දෙසැම්බර් මස 10, 11 සහ 12 යන දිනයන්හිදී යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් විසින් ක්ෂේත්‍ර සංචාරයක නිරත වෙමින් එම ජනතාව වෙත සිය සේවාවන් සපයන ලදී.
මීට අමතරව, පුස්සැල්ලාව සිට ෆ්‍රොටොෆ්ට් වත්ත දක්වා ළඟාවීමට අපහසු ප්‍රදේශවල වෙසෙන පවුල් වෙත ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යතුරුපැදි අටක් සහිත සංග්‍රාමික යතුරු පැදි කණ්ඩායම යොදවා ඇත. ඔවුන් කැමිල්තන්හි පවුල් 48ක් සඳහා ද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළහ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වූ 112 පාබල බලසේනාවට අයත් යුද්ධ හමුදා භටපිරිස්, 2025 දෙසැම්බර් මස 20 දින බදුල්ල, ස්ප්‍රිං වැලී මංසන්ධිය අසල සිදුවූ නායයෑම හේතුවෙන් පුද්ගලයෙකු පස් සහ සුන්බුන්වලට යටවී සිරවී සිටි අතර, ඒ පිළිබඳ තොරතුරු ලද වහාම ක්‍රියාත්මක වූ භටපිරිස් එම ස්ථානයට පැමිණ අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ මෙහෙයුමක් දියත් කළහ. එහිදී යුද්ධ හමුදා භටපිරිස් දැඩි උත්සාහයක් දරමින් පස්වලට යටවී සිටි පුද්ගලයා සාර්ථකව මුදාවා ගැනීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කඩිනමින් එම පුද්ගලයාව රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලදී.