16th December 2025
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජීවිත හා දේපල හානි සිදුවූ අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් පැවති එම අයහපත් කාලගුණික තත්ත්වයෙන් පසු අවතැන් වූවන් ගලවා ගැනීම සඳහා මෙන්ම අතුරුදහන් වූවන් සොයා සෝදිසි මෙහෙයුම් සිදු කළ අතර, එම කාර්යයන් වඩාත් තීව්‍ර කරමින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙමින් යුද්ධ හමුදා විසින් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට සහය වෙමින් ඔවුන්ගේ දෛනික ජීවන කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට සහ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.
ඒ අනුව, 2025 නොවැම්බර් මස 29 දින සිට දෙසැම්බර් 3 දින දක්වා කාලය තුළ ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් නායයෑම් ස්ථානවල සුන්බුන් ඉවත් කිරීම, හානියට පත් මාර්ග අලුත්වැඩියා කිරීම සහ බලපෑමට ලක් වූ ප්‍රදේශවල ආපදාවන්ට ලක් වූ ප්‍රජාවන්ට සහය වීම සිදුකරන ලදී.
221 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 20 බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 05 දින කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන්, ත්‍රිකුණාමලය-පුල්මුඩෙයි B424 මාර්ගයේ කිලෝමීටර් 49 සහ කිලෝමීටර් 51 කණු අතර හානියට පත් කොටස් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට වෙත සහාය ලබා දෙන ලදී.
1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 04 දින යත්තල්ගොඩ දුම්රිය මාර්ගයේ එකතු වී තිබූ පස් ඉවත් කර දුම්රිය ගමනා ගමනය සිදු කිරීමට හැකිවන පරිදි යථා තත්ත්වයට පත් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භට පිරිස් විසින් ත්‍රිකුණාමලය සිට පුල්මුඩේ දක්වා වූ B 424 මාර්ගයේ හානියට පත් කොටස් අලුත් වැඩියා කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට සහය වෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භට පිරිස් යාටියන්තොට සහ මීනාගල ප්‍රදේශවල හානියට පත් මාර්ග අලුත් වැඩියා කරන ලදී.
කලා ඔය දුම්රිය පාලමේ දකුණු කොටස (කලා ඔය දුම්රිය පාලමේ සිට ගල්ගමුව දෙසට) භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.
සිවිල් වැසියන්ගේ ඉල්ලීම පරිදි, 17 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් පෙරියපුලියන්කුලම් වැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී.
2025 දෙසැම්බර් මස 06 දින 11 පාබල සේනාංකයට අයත් 23 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අබගස්දෝව සහ සිල්මියාපුර ජල පවිත්‍රකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් යොදවන ලදී.
බුජ්ජෝමුව සහ යත්තල්ගොඩ දුම්රිය ස්ථාන අතර, කිලෝමීටර් 58 කණුව අසල සිට මීටර් 300 ක් පමණ දුරින් පිහිටි යත්තල්ගොඩ ප්‍රදේශයේදී නායයෑමක් හේතුවෙන් පොල්ගහවෙල –අඹේපුස්ස දුම්රිය මාර්ගයේ කොටසකට හානි සිදු විය. 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් හි ශ්‍රම දායක්වයෙන් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කරමින් පවතී.
2025 දෙසැම්බර් මස 06 වන දින, අලව්ව සහ බුජ්ජෝමුව දුම්රිය ස්ථාන අතර කිලෝමීටර් 61 කණුවේ සිට මීටර් 270 ක් දුරින් පිහිටා ඇති බුජ්ජෝමුව බෝක්කුව ආසන්නයේදී පාංශු ඛාදනයට ලක් වූ ස්ථානයේ අලුත්වැඩියා කටයුතු 9 බළඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් සිදු කරනු ලබයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කඩා වැටුණු කැබිතිගොල්ලෑව - ඇල්ලෙවැව වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු 21 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සහාය ඇතිව සිදු කරන ලදී.
මීට අමතරව, 2025 දෙසැම්බර් මස 06 දින පලුගස්වැව මහමන්කඩවල වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 7 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භට පිරිස් සහාය විය.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් බරපතළ හානි සිදුවූ කොළඹ–මඩකලපුව දුම්රිය මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශය අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.
22 පාබල සේනාංකයේ භට පිරිස්වල සහය ඇතිව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නීලපොල ප්‍රදේශයේ මහවැලි ගංගා ඉවුර ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ආරම්භ කරන ලදී එහි ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදු කරමින් පවතී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් දේශ ගොඩනැගීමේ ක්‍රියාදාමය සඳහා සහය වෙමින් බූ ඔය ප්‍රදේශයේ කැඩී ගිය දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීම, මහලින්දවැවේ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම, ජලයෙන් යටවීම හේතුවෙන් හානි වූ දුම්රිය මාර්ග අලුත්වැඩියා කිරීම, කුරුවිල් සොරොව්ව ආශ්‍රිතව යෝධ වැව් බැම්මේ හානියට පත් සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම සහ කල්කුලම් වැව් බැම්ම අලුත්වැඩියා කිරීම සිදු කරන ලදී.
යුද්ධ හමුදා භට පිරිස්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය සමඟ එක්ව පුරාණ ඇලහැර ඇළ ඉස්මත්ත ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සඳහා අඛණ්ඩව පස්වන දිනටත් සම්බන්ධ වූ අතර ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිමකිරීම සඳහා යුද්ධ හමුදා භට පිරිස් ශ්‍රම දායකත්වය සහ තාක්ෂණික සහාය සපයනු ලබයි.
අධික වර්ශාව නිසා සියඹලාගස්වැවේ ජල මට්ටම පිටාර ගැලීම හේතුවෙන් වැව් බැම්මට හානි වූ අතර, 21 පාබල සේනාංකයට යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් 2025 දෙසැම්බර් මස 09 දින වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 7 වන (ස්වේච්ඡා) රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් පලුගස්වැව ප්‍රදේශයේ අපදාවට ලක්ව තිබූ මහ මාන්කඩවල වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කළ අතර, 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නොච්චියාමොඩෙයි ප්‍රදේශයේ සිදුකරනු ලබන දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු වල 60% ක ප්‍රමාණයක් නිම කිරීමට කටයුතු කරන ලදී. මීට අමතරව, ජල මට්ටම ඉහළ යාමෙන් හානි වූ වන්නකුලම් වැව් බැම්ම 8 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරණු ලබයි.
11 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 1 වන බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් කන්දේ ඇල ප්‍රදේශයේ හානියට පත් ඇළ මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවට සහාය ලබාදෙන ලදී. තවද, වෙල්කැටිය අමුණ ගම්මානයේ පොතව අමුණ අලුත්වැඩියා කිරීම සඳහා 2 වන ශ්‍රී ලංකා රයිෆල් බළකායේ භටපිරිස් ද සිය සහාය ලබාදෙනු ලැබීය.
මීට අමතරව, 23 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාතටිල්ල ප්‍රදේශයේ හානියට පත් ඇළ මාර්ග අලුත්වැඩියා කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත සිය සහයෝගය ලබාදුන් අතර, 4 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් නාවුල ලෙනදොර සිට වැලිකඩයාය දක්වා අතර වූ ප්‍රවේශ මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සහ කවටය අමුණ ඇළ මාර්ගය වැලි කොට්ට දමා ප්‍රතිසංස්කරණය කිරීම සිදු කරන ලදී.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව, 59 පාබල සේනාංකයේ භටපිරිස් විසින් හානියට පත් නයාරූ පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය සහාය ලබා දෙන ලදී. මේ අතර, තලෛයිමන්නාරම රෝහල් පරිශ්‍රයේ ඇති අනාරක්‍ෂිත ගොඩනැගිල්ල ඉවත් කිරීම සඳහා 11 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් දෙවන දිනටත් කටයුතු කළ අතර, 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 10 වන දින මුතියන්කට්ටු වැවේ බැම්ම ආරක්‍ෂා කිරීම සඳහා වැලි කොට්ට යොදන ලදී.
යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 10 වන දින ප්‍රදේශ කිහිපයක අත්‍යවශ්‍ය යටිතල පහසුකම් අලුත්වැඩියා කිරීමේ කටයුතු වල නිරත වූහ. ඒ අනුව, 21 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් සියඹලාගස්වැවෙහි ආපදාවට ලක්වූ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමට සහාය විය. 7 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් තාන්ඩිකුලම් සහ නොච්චිමොඩෙයි අතර ප්‍රදේශයන්හි හානියට පත් දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව 10 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් කුරුවිල්හි යෝධවැවෙහි වැව් බැම්මේ හානියට පිටවාන වැලි කොට්ට යොදා ප්‍රතිසංස්කරණය කරන ලදී.
23 වන බළඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 10 වන දින හානියට පත් වූ ඌව පරණගම ප්‍රදේශයේ ඇති පාලමක් ප්‍රතිසංස්කරණය කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 2(ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් බූ ඔය මාර්ගයේ හානියට පත් ස්ථාන සහ මේ වන විට 80% ක පමණ වැඩ කටයුතු සම්පූර්ණ කර ඇති තාන්ඩිකුලම්-නොච්චිමොඩෙයි දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය දක්වන ලදී. මීට අමතරව, 17(ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ප්‍රදේශවාසීන් සමඟ එක්ව හානියට පත් සෙක්කඩිපිලාව සහ පේරුකන්කුලම් වැව් බැමි ප්‍රතිසංස්කරණය කරනු ලැබූහ.
මේ අතර, 55 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 7 වන බලඅණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ, 11 (ස්වේච්ඡා) බලඅණිය ගජබා රෙජිමේන්තුවේ, 6 වන බලඅණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 9 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ඉන්දීය හමුදා නියෝජිතයින් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ එක්ව 2025 දෙසැම්බර් මස 11 වන දින අක්කරායන්කුලම් ප්‍රාදේශීය රෝහල අවට පිරිසිදු කළ අතර, කන්දවේලි හි හානියට පත් A-35 මාර්ගයේ පාලම ප්‍රතිසංස්කරණය කිරීමටද සහයෝගය ලබාදෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ කුඩුම්බිමලේ - මුරුතාන මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලදී. එමෙන්ම, 20 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ත්‍රිකුණාමලය - පුල්මුඩේ B424 මාර්ගය අලුත්වැඩියා කරන ලද අතර, ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදෙමින් ඇලහැර අමුණෙහි ඉදිකිරීම් කටයුතු සඳහා ද සහාය වූහ.
හානියට පත් වූ මහනුවර දිස්ත්‍රික්කයේ සන්නිවේදන සම්බන්ධතාවයන් නැවත ස්ථාපිත කිරීම සඳහා සංඥා පුහුණු පාසලේ භටපිරිස් විසින් මහනුවර, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත 2025 දෙසැම්බර් මස 12 වන දින සිය සහාය ලබාදෙන ලදී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා සහාය වීමට 1 වන බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් කණ්ඩායමක් 2025 දෙසැම්බර් මස 12 වන දින කන්දේ ඇල ප්‍රදේශය වෙත පිටත්ව යන ලදී.
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානි වූ A-35 මාර්ගයේ කන්දවෙයිලි පාලමේ 2025 දෙසැම්බර් මස 12 වන දින සිට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්, ඉන්දීය හමුදා නියෝජිතයින් සහ ඉංජිනේරුවන් විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු සඳහා 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, 9 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සහයෝගය ලබා දෙන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් මහලිදවැව වැවෙහි හානියට පත් වූ වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහයෝගය ලබාදෙන ලදී. මේ අතර, 8 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ද 2025 දෙසැම්බර් මස 14 වන දින කල්නඩ්ඩි කුලම් වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත වූහ.
4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හි සහාය ඇතිව රාජාංගනය 9 වන මාර්ගය ප්‍රතිසංස්කරණය කරණු ලැබීය. මේ අතර, ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීමකට අනුව, 12 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බලප්‍රදේශයේ පිහිටා ඇති සින්නකුලම් වැව් බැම්ම 2025 දෙසැම්බර් මස 14 වන දින අලුත්වැඩියා කරන ලදී.
2 (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 15 වන දින මහකනදරාව ගල්පාලම අසල ඇති වැලිඔය හන්දිය සහ මිහින්තලය සම්බන්ධ කරන කොන්ක්‍රීට් පාලම ප්‍රතිසංස්කරණය කරන ලදී.
මේ අතර, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 15 වන දින රත්තොට ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය වෙත සිය සයයෝගය ලබාදෙන ලදී.
18 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස15 වන දින දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව ගල්ලෑල්ල සහ මනම්පිටිය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 8 වන බලඇණියේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින මුරුන්කන් 279 කිලෝමීටර් කණුව සහ 280 කිලෝමීටර් කණුව අතර දුම්රිය මාර්ගයප්‍රතිසංස්කරණය කරන ලදී.
අයහපත් කාලගුණයෙන් හානියට පත් මුලතිව් - කොහොඹගස් හන්දිය මාර්ගයේ නයාරු පාලමේ ප්‍රථිසංස්කරණය කිරීමේ කටයුතු යුද්ධ හමුදා භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින සාර්ථකව අවසන් කරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින මාතලේ, දික්කුඹුර ප්‍රදේශයේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට සිය සහයෝගය ලබාදෙන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ හානියෙන් පසු ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් ප්‍රධාන මාර්ග යලි ගමනා ගමනයට සුදුසු පරිදි සකස් කිරීමට සහ ප්‍රදේශවලින් ඉවත් කරන ලද ජනතාව එම ප්‍රදේශවල යලි පදිංචි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සහ අත්‍යවශ්‍ය සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සිය සහය ලබා දෙන ලදී.
ඒ අනුව, ගම්පොළ-නුවරඑළිය, ගම්පොළ-නාවලපිටිය, මහනුවර-මහියංගනය, පස්සර-බදුල්ල, මහනුවර-ගලගෙදර සහ අනුරාධපුර-වවුනියාව ඇතුළු ප්‍රධාන මාර්ග රැසක් යථා තත්ත්වයට පත් කරමින් නැවත මහජනතාවට අවශ්‍ය ගමනාගමන කටයුතු සිදුකිරීමට සහ අවශ්‍ය සහන සේවා සැපයීමට හැකියාව ලබාදෙන ලදී. එමෙන්ම, දැඩි ලෙස හානි වූ හුන්නස්ගිරිය-මීමුරේ මාර්ග ප්‍රවේශය ද නැවත විවෘත කරන ලද අතර එමඟින් නැවත ගොඩනැගීමේ කටයුතු ආරම්භ කිරීමට හැකි විය.
එසේම, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් මුලතිව්-කෝකිලායි මාර්ගයේ නයාරු සහ හැටන් හි කාසල්රී යන පාලම් ප්‍රතිසංස්කරණය කරන ලදී. ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශවල සුන්බුන් ඉවත් කිරීම, ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීම, මහවැලි ගං ඉවුරු බැම්ම ශක්තිමත් කිරීම, දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ රත්තොට ප්‍රධාන ජල සැපයුම් මාර්ගය අලුත්වැඩියා කිරීම මගින් ප්‍රජාවගේ සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය සේවාවන් නැවත නගා සිටුවීමට සහය වන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 14 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 16 වන දින මහඔත්තපහුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව, දින පහක් ඇතුළත මහඔත්තපහුව වැවෙහි වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කරන ලදී. තවද, 2025 දෙසැම්බර් මස 17 වන දින 9 වන බළඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කිත්ත වැවේ ඇළ මාර්ගයේ බැම්ම බිඳී යාමට ලක්වූ ස්ථානයේ බැම්ම ශක්තිමත් කිරීම සඳහා වැලි කොට්ට 300ක් පමණ සහ ලී කොටන් යොදා ගනිමින් ආරක්‍ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලදී.
මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජලයෙන් යටවී දැඩි ලෙස හානියට පත්වූ නයාරු - කොකිලායි මාර්ගය හරහා ඇති ‘compact 200’ පාලම් වර්ග දෙකක් ප්‍රතිසංස්කරණය කිරීමේ වගකීම, විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන ලෙස කටයුතු කරනු ලබන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී කුලතුංග RSP ndc psc සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු බ්‍රිගේඩියර් සී.ඩී. වික්‍රමනායක WV RSP ndc වෙත පවරන ලදී.
ඒ අනුව, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.පී කරුණාතිලක RSP ගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා ඉංජිනේරු භටපිරිස් සහ 59 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 591 පාබල බලසේනාවේ භටපිරිස් මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලදී. එහිදී, පැවති අභියෝගාත්මක තත්ත්වයන් යටතේ භටපිරිස් විසින් පැය විසිහතර පුරාම එම ඉදිකිරීම් සිදුකරන ලදී.
භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 2 දින සිට 16 දින දක්වා සිදුකළ අලුත්වැඩියා වලින් පසුව පළමුව හානියට පත් පාලම සාර්ථකව යථා තත්ත්වයට පත් කරන ලදී. ඒ අනුව, අඩි 50ක්ව පැවති මෙම පාලම 2025 දෙසැම්බර් මස 16 වන දින අඩි 120ක් දිගැති පාලමක් ලෙස නැවත විවෘත කිරීමට හැකි විය. 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.එස් මිල්ලගල RWP RSP USP Hdmc psc සහ 591 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.එස්.අයි අලුවිහාරෙ RWP RSP යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම අලුත්වැඩියා කටයුතු සිදුකරන ලදී.
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 14 (ස්වේච්ඡා) බලඇණිය ගැමුණු හේවා බළකායේ භටපිරිස් විසින් 2025 දෙසැම්බර් මස 11 වන දින මුතියන්කට්ටු කුලම් වැවේ හානියට පත් වාන් දොරටුව ප්‍රතිසංස්කරණය කරමින් ඛාදනය වැළැක්වීම සඳහා වැලි කොට්ට භාවිතා කරමින් ආරක්‍ෂිත බැම්මක් ඉදිකරන ලදී.
8 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් මුරුන්කන් කිලෝමීටර් 279 සහ කිලෝමීටර් 280 කණු අතර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සහාය වීම සහ එම ඒකකයේ වෙනත් කණ්ඩායමක් වෙප්පම්කුලම් හි නෙළුකුලම වැව් බැම්මේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.
අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත්ව තිබූ A-35 මාර්ගයේ පිහිටි කණ්ඩාවෙලී පාලම ප්‍රතිසංස්කරණය කටයුතු 2025 දෙසැම්බර් මස 18 දින 55 පාබල සේනාංකයේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී. එම ප්‍රතිසංස්කරණ කිරීමේ කටයුතු සඳහා 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 9 ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සමාජිකයන්, ඉන්දීය යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඉංජිනේරුවන් 120 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූහ.
21 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 2 වන (ස්වේච්ඡා) බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් චෙඩ්ඩිකුලම් සහ මුහන්දන්කුලම් අතර කිලෝමීටර් 251 කණුවේ සිට කිලෝමීටර් 250 කණුව දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. මේ අතර, 54 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 8 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ද 2025 දෙසැම්බර් මස 23 වන දින කිලෝමීටර් 279 කණුවේ සිට කිලෝමීටර් 280 කණුව දක්වා වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී. එමඟින් හානි වූ ප්‍රදේශවල දුම්රිය මාර්ගවල දුම්රිය ගමනාගමන කටයුතු ආරක්‍ෂිතව යලි යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූහ. එසේම, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව 59 වන පාබල සේනාංකය යටතේ රාජකාරි සිදුකරනු ලබන භටපිරිස් විසින් හානියට පත් නයාරු පාලම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය ලබා දෙන අතර, එම පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු දැනට සිදුකරමින් පවතී.