මුල් පුවත්

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත 16 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2025 මාර්තු මස 22 දින ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමූහ.


මහනුවර, නාලන්දා බෞද්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 4 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


මීගමුව, ලොයෝලා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල 2025 පෙබරවාරි මස 28 දින පැවති අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැත්විණි.


‘ක්ලීන් ශ්‍රි ලංකා’ වැඩසටහනට සමගාමීව, දිවයින පුරා පිහිටි පාසල් 1000 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් අද (පෙබරවාරි මස 20) දින ඉළුක්ඕවිට, බප/හෝ ඉළුක්ඕවිට කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අනුග්‍රහයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කල ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන පිලිබද දෙදින පුහුණු සැසියක් පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2025 පෙබරවාරි මස 18 ආරම්භ කරන ලදී.


ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ 80 වන සංවත්සර දින සැමරුම් උත්සවය පෙබරවාරි මස 16 දින දෙල්ගොඩ Tamarind උත්සව ශාලාවේදී අභිමානවත් අයුරින් පවත්වන ලදී.


ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථයින්ගේ සංගමයේ 8 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ සමාරම්භක උත්සවය ‘හමුදා සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, විශිෂ්ටතා නවෝත්පාදනය සහ ගෝලීය බලපෑම’ යන තේමාව යටතේ 2025 පෙබරවාරි මස 14 දින කොළඹ, ගලදාරි හෝටලයේදී පැවැත්විය. මෙම උත්සවය මඟින් හමුදා-සිවිල් සහයෝගිතාව වැඩි දියුණු කිරීම සහ හමුදා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයින් අතර වැඩි නැඹුරුතාවයක් ඇති කිරීම අරමුණ විය.


යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩීයූ පීඑස්සී අයිජී 2025 පෙබරවාරි මස 07 දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා කොළඹ පිහිටි එම අමාත්‍යාංශ කාර්යාලයේදී හමුවිය.