යුද්ධ හමුදා විශේෂාංග
ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සිය දායකත්වය ලබාදෙයි
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සම්පූර්ණ කිරීමේ සංශෝධිත උපායමාර්ගය - 2025-2027 (launch of the revised Sri Lanka Mine Action Completion Strategy -2025-2027) ජාතික බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරී වැඩසටහන 2025 අගෝස්තු 28 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන ලදී.
51 පාබල සේනාංකය 30 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
51 පාබල සේනාංකයේ 30 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.පී.එන්.ඒ මුතුමාල USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 23 දින 51 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී සමරන ලදී.
නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ධූරයේ රාජකාරි අරඹයි
22 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස බ්‍රිගේඩියර් සී.ඩී වික්‍රමනායක WV RSP ndc 2025 අගෝස්තු මස 15 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගනු ලැබීය.
ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්‍යක්ෂක ධූරයේ රාජකාරි අරඹයි
ගමන් පාලන අධ්යක්ෂ මණ්ඩලයේ 34 වන අධ්‍යක්ෂක වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් එස්. විජේසිරිවර්ධන RWP RSP, 2025 අගෝස්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරින් භාර ගනු ලැබීය.
යාපනයේදී ඉන්දීය සාම සාධක රණවිරුවන් අනුස්මරණය කරයි
ඉන්දීය නිදහස් දිනයට සමගාමීව 1987 - 1990 කාලය තුළ ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කළ ඉන්දීය සාම සාධක හමුදාවේ දිවංගත රණවිරුවන් අනුස්මරණය කිරීම සහ ඔවුන්ගේ කැපකිරීම් සිහිපත් කිරීම වෙනුවෙන් 2025 අගෝස්තු මස 15 දින පලාලි පිහිටි ඉන්දීය සාම සාධක හමුදා ස්මාරකය අභියසදී වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකා යුද ඉංජිනේරු පාසලේ නිල සංචාරයක
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අමන්ඩා ජොන්ස්ටන් සහ සහකාර ආරක්ෂක උපදේශක මේජර් ක්‍රිස් ෆවුලර් 2025 අගෝස්තු මස 11 දින ඇඹිලිපිටිය, ශ්‍රී ලංකා යුද ඉංජිනේරු පාසලේ නිල සංචාරයක නිරත වූහ.
යුද්ධ හමුදා අභ්‍යන්තර කටයුතු ඒකකයේ දෙවන ප්‍රගති සමාලෝචන සාකච්ඡාව යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වයි
The Internal Affairs Unit (IAU) of the Sri Lanka Army, established on 01 April 2025 as part of a government initiative to strengthen integrity and curb corruption within the organisation held its second progressive coordinating conference today (12 August 2025) at the Chief of Staff Office conference hall, Army Headquarters.
ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න RWP RSP VSV USP psc ගේ 33 වන ගුණානුස්මරණය පවත්වයි
ගජබා රෙජිමේන්තුවෙහි නිර්මාතෘ දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න RWP RSP VSV USP psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 33 වන ගුණානුස්මරණය එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ සේවයේ නියුතු සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් 2025 අගෝස්තු මස 8 දින පවත්වනු ලැබීය.
සන්නද්ධ බුද්ධි බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
යුද්ධ හමුදා බුද්ධි බලකායේ නව බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ටී.එන් මජීඩ් RSP USP ndc ISC ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් 2025 අගෝස්තු මස 06 දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය.
1 බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරින් අරඹයි
1 බලකායේ නව බලකාධිපති වශයෙන් මේජර් ජෙනරල් කේ.එච්.එම්.එස් වික්‍රමරත්න RSP 2025 අගෝස්තු මස 09 දින කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත එම බලකා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.