යුද්ධ හමුදා විශේෂාංග
නල්ලතන්නිය, ලක්‍ෂපාන තේ කර්මාන්ත ශාලාවේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි සහය
2025 ඔක්තෝබර් මස 09 දින නල්ලතන්නිය ප්‍රදේශයේ ලක්‍ෂපාන තේ කර්මාන්ත ශාලාවේ හදිසි ගින්නක් ඇති විය. එම අවස්ථාවේදී 642 පාබල බලසේනාවේ උපදෙස් මත 5 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 3 (ස්වේච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානයට පැමිණ ගිනි නිවීමේ කටයුතු ආරම්භ කළහ.
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි අරඹයි
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 22 වන අධ්‍යක්‍ෂ වශයෙන් බ්‍රිගේඩියර් කේ.ඒ.ආර්.කේ ඩයස් USP 2025 ඔක්තෝබර් මස 02 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 69 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 69 වන සංවත්සරය 2025 ඔක්තෝබර් මස 01 දින අභිමානවත් අයුරින් සැමරීය.
යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි
බ්‍රිගේඩියර් කේ.එම්.ඒ.ඩබ්ලිව්.කේ පෙරේරා AATO විසින් 2025 සැප්තැම්බර් මස 25 දින යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂක ලෙසෙ සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
76 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පූජනීය ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ සංවර්ධනය කටයුතු අරඹයි
76 යුද්ධ හමුදා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් අනුරාධපුරයේ පිහිටි පූජනීය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ භූමියේ සංවර්ධන කටයුතු මාලාවක් සිදු කරන ලදී.
කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපොලෙහි නව කිරි සැකසුම් ඒකකය සහ පිසනිමි ආහාර ඒකකය විවෘත කරයි
3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් 2025 සැප්තැම්බර් මස 17 දින ඉදිකරන ලද කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලෙහි නව කිරි සැකසුම් ඒකකය සහ නවීකරණය කරන ලද පිසනිමි ආහාර කර්මාන්ත ශාලාව කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.එන් මදනායක RWP RSP විසින් විවෘත කරන ලදී.
පලාලි යුද්ධ හමුදා රෝහලේ රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්
පලාලි යුද්ධ හමුදා රෝහල විසින් යාපනය ශික්ෂණ රෝහලේ රුධිර බැංකුව සමඟ එක්ව 2025 සැප්තැම්බර් මස 20 දින රුධිර පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිතුමිය යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී අතිගරු ජූලි චුන්ග් මහත්මිය 2025 සැප්තැම්බර් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත වූවාය.
ඉන්දීය හමුදා දූත පිරිසක් මෙරට යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක
ඉන්දීය යුද්ධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරල් ආර්.එස් රාමන් PVSM AVSM YSM ඇතුළු දූත පිරිසක් 2025 සැප්තැම්බර් මස 19 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිල සංචාරයක නිරත වූහ.
ධූරයෙන් නික්ම යන 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වෙත එම සේනාංකයේ ගෞරවාචාරය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකර ධූරයෙන් නික්ම යන ලැබූ මේජර් ජෙනරල් එච්.ටී.ඩබ්ලිව් විද්‍යානන්ද RWP RSP USP වෙත ගෞරවාචාරය දැක්වීමේ උත්සවයක් 2025 සැප්තැම්බර් මස 12 දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.