යුද්ධ හමුදා විශේෂාංග
ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සයිබර් ආරක්ෂණය සහ විද්‍යුත් සංග්‍රාමික සම්මන්ත්‍රණය - 2025 සාර්ථකව පවත්වයි
2025 සැප්තැම්බර් මස 12 දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථන නිලධාරි නිවස්නයේදී ‘Securing the Digital Frontline’ යන තේමාව යටතේ සයිබර් ආරක්ෂණය සහ විද්‍යුත් සංග්‍රාමික සම්මන්ත්‍රණය - 2025 පවත්වන ලදී. මෙම වැඩසටහන 9 සහ 12 ශ්‍රී ලංකා සංඥා බලකායන් සමඟින් 2 සංඥා බලසේනාව එක්ව සංවිධානය කරන ලදී.
11 පාබල සේනාංකයේ සේනාංකාධිපති කිංග්ස්වුඩ් විද්‍යාලයේ වාර්ෂික රණවිරු උපහාර උළෙල සහ කෙඩෙට් දින සැමරුම් උත්සවයට සහභාගි වෙයි
මහනුවර, කිංග්ස්වුඩ් විද්‍යාලයේ වාර්ෂික රණවිරු උපහාර උළෙල සහ කෙඩෙට් දිනය සැමරීමේ උත්සවය 2025 සැප්තැම්බර් මස 12 දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී.එම්.ජී.එස්.ටී කුරේ RWP RSP USP ndc psc සහභාගි විය.
ඇල්ල - වැල්ලවාය බස් රථ අනතුරේ ගලවා ගැනීමේ මෙහෙයුමේ නියැලී සිටි භටපිරිස් ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යමගේ ඇගයීමට
පසුගියදා ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරේදී ජීවිත ගලවා ගැනීමේ මෙහෙයුම් කටයුතු වල නියැලී සිටි යුද්ධ හමුදා භටපිරිස්හි නිර්භීත ක්‍රියාව අගය කිරීම සඳහා ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ ප්‍රධානත්වයෙන් 2025 සැප්තැම්බර් මස 13 දින ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම හිදී ඇඟයීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, එහිදී ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් එම යුද්ධ හමුදා භටපිරිස් ආමන්ත්‍රණය කරමින් එවැනි ව්‍යසනකාරී අවස්ථාවන්හිදී ජනතාවට සහාය වීමේ සමාජ වගකීම අවධාරණය කරමින් ඔවුන්ගේ කැපවීම අගය කළේය.
පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ සිය ධූරයේ රාජකාරි අරඹයි
පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් බී.ඒ.ඩී.ආර්.ඒ.සී විජේසේකර RSP ctf-ndu USACGSC විසින් 2025 සැප්තැම්බර් මස 11 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරීන් භාර ගන්නා ලදී.
3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් භාවිතයෙන් ඉවත්කරන ලද යතුරුපැදි 16 ක් අළුත්වැඩියා කරයි
3 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් භාවිතයෙන් ඉවත්කරන ලද යතුරුපැදි 16 ක් අළුත්වැඩියා කර 2025 සැප්තැම්බර් මස 04 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකක 16 ක් වෙත එම ඒකකයන්හි රාජකාරීන් සඳහා භාවිතා කිරීමට භාර දෙන ලදී.
54 පාබල සේනාංකය සිය 15 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
54 පාබල සේනාංකයේ 15 වන සංවත්සරය 2025 සැප්තැම්බර් මස 10 දින එම මූලස්ථානයේදී අභිමානවත් අයුරින් සමරන ලදී.
පාබල පුහුණු මධ්‍යස්ථානය සිය 41 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය සිය 41 වන සංවත්සරය එම පුහුණු මධ්‍යස්ථානයේදී 2025 අගෝස්තු මස 25 දින සමරනු ලැබීය. එදින, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක විසින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර, පසුව සේනාවිධායක වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පිරිනමන ලදී. එදින උත්සවයේ කටයුතු අවසන් කරමින් සංගීත ප්‍රසංගයක් සහ සියලු නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පවත්වනු ලැබීය..
සටන් පුහුණු පාසලේ නව සේනාවිධායක ධූරයේ රාජකාරි අරඹයි
අම්පාර සටන් පුහුණු පාසලේ 48 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් ඒ.කේ.සී.එස් ද සිල්වා RSP ndc, 2025 අගෝස්තු මස 30 දින සිය ධූරයේ රාජකාරි භාර ගනු ලැබීය.
53 පාබල පාබල සේනාංකය (අතිරේක ප්‍රහාරක සේනාංකය) සිය 30 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි
දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 පාබල සේනාංකයේ (අතිරේක ප්‍රහාරක සේනාංකය) 30 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඒ.ටී ගොඩේවත්ත RWP RSP ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2025 අගෝස්තු මස 24 දින සමරනු ලැබීය.
24 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධූරයේ රාජකාරි අරඹයි
24 පාබල සේනාංකයේ 17 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් කේ.ඩබ්ලිව් ජයවීර USP psc 2025 අගෝස්තු මස 26 දින එම සේනාංක මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.