යුද්ධ හමුදා විශේෂාංග
23 පාබල සේනාංකයේ 28 වන සංවත්සරය දිනය අභිමානවත් අයුරින් සමරයි
23 පාබල සේනාංකයේ 28 වන සංවත්සරය දිනය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.පී.පී කුලතිලක ndc ගේ මඟපෙන්වීම මත හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවකින් 2025 ජූලි මස 23 දින සමරනු ලැබීය.
මාලදිවයින් ජනරජයේ ආරක්ෂක උපදේශක ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ සංචාරයක
ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාසලේ දැනට ස්නයිපර් පාඨමාලාව හදාරන මාලදිවයින් ආරක්ෂක හමුදාවේ සැරයන් හුසේන් ෆෂීන් සහ සැරයන් අයිෂාම් අහමඩ් ගේ පුහුණු ප්‍රගතිය සහ පරිපාලන පහසුකම් සොයාබැලීම සඳහා මාලදිවයින් ජනරජයේ ආරක්ෂක උපදේශක කර්නල් හසන් අමීර් ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 ජූලි මස 23 දින එම පුහුණු පාසල වෙත පැමිණියේය.
සන්නද්ධ බුද්ධි බලකායේ තොරතුරකට අනුව නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනි
සන්නද්ධ බුද්ධි බලකාය වෙතින් ලද තොරතුරකට අනුව බත්තරමුල්ල, සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් 2025 ජූලි මස 22 දින රාජගිරිය ප්‍රදේශයේ වැටලීමක් සිදුකරමින් රුපියල් මිලියන 12 ක පමණ වටිනාකමකින් යුත් කුෂ් කිලෝග්‍රෑම් 2 ක් සමඟ තලවතුගොඩ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
මුලතිව් සටනේදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරයි
මුලතිව් ප්‍රදේශයේ පැවති මානුෂීය මෙහෙයුමේදි මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙත ගෞරවාචාර පුදකරමින් පවත්වනු ලබන 29 වන අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 19 දින 1 වන විශේෂ බලකා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. මෙම උතස්වයේදී, මවිබිමේ ඒකීයභාවය උදෙසා 1996 ජූලි මස 19 දින තම ජිවිත පූජා කළ කර්නල් ඒ.එෆ් ලෆීර් PWV RWP RSP ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 36 දෙනෙකු වෙනුවෙන් උපහාර පුදකෙරිණි.
විශේෂ බලකායේ මූලිකත්වයෙන් දිවංගත රණවිරුවන් අනුස්මරණය කරයි
උපකරණ මාස්ටර් ජෙනරාල් සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ටී.අයි මහලේකම් WWV RWP RSP USP ndu psc ගේ මඟපෙන්වීම මත මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2025 ජූලි මස 12 දින පැවැත්විණි.
මුලතිව්, ප්‍රහාරයෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරයි
1996 ජූලි මාසයේදී එල්ටීටීඊ ප්‍රහාරයට එරෙහිව මුලතිව් කඳවුර ආරක්ෂා කිරීමේදී ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිපත් කිරීමේ වාර්ෂික අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 17 දින මුලතිව් රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
58 පාබල සේනාංකයේ 16 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එම්.ඒ අබේවර්ධන WWV RWP RSP ndc ගේ මඟපෙන්වීම මත එම සේනාංකයේ අභිමානවත් 16 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් 2025 ජූලි මස 02 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් පැවැත්විණී.
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර දිඹුලාගල, ආරණ්‍ය සේනාසනයේ සංචාරයක
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර RWP RSP ndu psc පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි ඓතිහාසික හා ආගමික වැදගත්කමකින් යුත් දිඹුලාගල, ආරණ්‍ය සේනාසනයේ 2025 ජූලි මස 09 දින සංචාරයක නිරත විය.
දිවංගත කෝප්රල් ගාමිණි කුලරත්න වීරෝදාර රණවිරුවා අනුස්මරණය කරයි
අලිමංකඩ කඳවුර ආරක්ෂා කිරීම වෙනුවෙන් වසර 34 කට ප්‍රථම දිවිපිදූ ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ වීරෝදාර රණවිරුවෙකු වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවංගත කෝප්රල් ගාමිණී කුලරත්න රණවිරුවා වෙනුවෙන් 2025 ජූලි මස 14 දින 6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අලිමංකඩ පිහිටි එම රණවිරුවාගේ ප්‍රතිමාව අභියසදී අනුස්මරණ උත්සවයක් පැවැත්වීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc 2025 ජූලි මස 11 දින පොල්හේන්ගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.