යුද්ධ හමුදා විශේෂාංග
කපිතන් සාලිය අලදෙණිය PWV ගුණ සැමරුම් උත්සවය කොකාවිල් හිදී
එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම අතරතුරදී 1990 ජූලි මස 11 දින කොකාවිල් කඳවුරේදී දිවිපිදූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් සාලිය අලදෙණිය PWV ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ගුණ සැමරුම් උත්සවය 2025 ජූලි මස 11 දින කොකාවිල් රණවිරු ස්මාරකය අසළදී පැවැත්විණි.
යුද්ධ හමුදා භටපිරිස් මාතර, මහානාම පාලමෙන් පැන සියදිවි නසාගැනීමට තැත්කළ පුද්ගලයෙකු බේරාගනි
2025 ජූලි මස 10 දින මාතර, මහානාම පාලමෙන් පැන සියදිවි නසාගැනීමට තැත්කළ 94 හැවිරිදි පුද්ගලයෙකු, කඩිනමින් ක්‍රියාත්මක වූ 3 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් බේරාගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරන ලදී.
විහාරපළුගම ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය
අනුරාධපුර, පණ්ඩුලගම, විහාරපළුගම වන රක්‍ෂිතයේ 2025 ජූලි මස 06 දින ලැව්ගින්නක් ඇති වූ අතර කඩිනමින් ක්‍රියාත්මක වූ 212 පාබල බලසේනාව සහ 2 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් එම ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරනු ලැබීය.
බලංගොඩ, ලැව්ගින්න මැඩපැවැත්වීමට 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි දායකත්වය
බලංගොඩ, කෝන්ගහවෙල ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා 18 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ. මෙම සිදුවීම පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් එම ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
55 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
55 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් USP ndc විසින් 2025 ජූලි මස 01 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
නව යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි අරඹයි
56 වන යුද සේවා ලේකම් ලෙස මේජර් ජෙනරල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc විසින් 2025 ජූලි මස 05 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නව බලකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
Major General K.T.P De Silva RSP ndu psc, Adjutant General of the Sri Lanka Army, assumed duties as the 27th Colonel Commandant of the Sri Lanka Army Service Corps (SLASC) on 02 July 2025 at the Regimental Centre, Panagoda.
61 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ධූරයේ රාජකාරි අරඹයි
61 පාබල සේනාංකයේ 21 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එස්.වී. ප්‍රනාන්දු USP ndc IG, 2025 ජූලි මස 01 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව ධූරයේ රාජකාරි කටයුතු භාරගන්නා ලදී.
ධූරයෙන් නික්ම යන භඨකාර්ය සම්පාදන ආඥාපති වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය
ධූරයෙන් නික්ම යන භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ඊ.එම්.එම් ප්‍රනාන්දු Hdmc Lsc AATO වෙත භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ භටපිරිස් විසින් ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් 2025 ජුලි මස 01 දින පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීය.
අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි
A solemn military funeral was held on 01 July 2025 at the new crematorium of the General Cemetery, Borella, to bid farewell to the late Brigadier A.P.D Edirisuriya (Retd) KSV. The ceremony was attended by a large gathering of military personnel, dignitaries, and mourners who came together to honour the distinguished officer’s service to the nation.