රණවිරු ප්‍රවීණයන්ගේ පිටුව

Veterans

වර්ෂ 2010 මැයි මස 15 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් එම්.එම්. සුමනසේන (විශ්‍රාමික) වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් බිහි වූ විශිෂ්ඨතම රණශූරයෙකු වන ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගේ 24 වන ගුණානුස්මරණ සැමරුම සඳුදා (අගෝස්තු මස 8) දිනට යෙදී තිබේ. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව වන ලලි කොබ්බෑකඩුව මහත්මිය සහ ඔහුගේ රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරන ලද සමරු වැඩසටහන් කිහිපයක් අනුරාධපුරය සහ අනෙකුත් ප්‍රදේශවල එදින පුරා පැවැත්වීමට නියමිතව ඇත.