නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික), පසුගිය අගෝස්තු මස 29 දින සහ 30 දින කුරුණෑගල, පාන්ගොල්ලේ පිහිටි අභිමංසල - 3 සහ අනුරාධපුරයේ පිහිටි අභිමංසල - 1 රණවිරු සුවතා මධ්‍යස්ථානවල නිරීක්ෂණ සංචාරයක නිරත විය. මෙම සංචාර තුලින් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පවතින පුළුල් සුභසාධන දැක්ම පමණක් නොව, ආබාධිත රණවිරුවන්ගේ යහපැවැත්ම, රැකවරණය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ කැපවීම ද පිළිබිඹු විය.