යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුලු සියලුම නිලයන් ‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එක් කරයි.
Defender of the Nation
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ඇතුලු සියලුම නිලයන් ‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් එක් කරයි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු නිලයන් විසින් තම දිනක වැටුප දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා අරඹන ලද ‘Rebuilding Sri Lanka’ අරමුදලට පරිත්‍යාග කරන ලදි.
2026 වර්ෂයේ පළමු වැඩකරන දිනය සනිටුහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර, යුද්ධ හමුදා මූලස්ථානයේදී ජනවාරි මස 01 දින උදෑසන උත්සවයක් පවත්වනු ලැබීය.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG, 2026 නව වසර සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක, සමෘද්ධිමත් නව වසරක් වෙනුවෙන් සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ප්‍රමුඛ සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සියළු ලෝකවාසීන් වෙත සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි අසිරිමත් නත්තලක් වෙනුවෙන් සුබපැතුම්.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 100 වැනි විසිර යාමේ පෙළපාලිය 2025 දෙසැම්බර් මස 21 දින දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්වූ අතර, එහිදී කෙඩෙට් නිලධාරීන් 240 දෙනෙකු විසිර ගියහ. එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ආරාධනයකට අනුව, සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
කෙඩෙට් නිලධාරි අංක - 93, අංක - 94බී, කෙටිකාලීන පාඨමාලා අංක - 23, කාන්තා 20, (ස්වේච්ඡා) අංක - 62 සහ කාන්තා (ස්වේච්ඡා) අංක -19 යන පාඨමාලාවන් හදාරන ලද කෙඩෙට් නිලධාරින්ගේ සිය අධ්‍යයන සහ යුද පුහුණු කාලසීමාවේ නිමාව සනිටුහන් කරමින්, ඔවුන්ගේ අවසන් පර්යේෂණ ඉදිරිපත් කිරීම 2025 දෙසැම්බර් මස 20 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී.
ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය පාඨමාලා අංක - 19 හි උපාධි ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් මස 16 දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර, එම උත්සව අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ද සහභාගි විය.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වැඩි දියුණු කිරීමේ අරමුණින් පවත්වනු ලැබූ සම්බන්ධීකරණ සාකච්ඡාවක් 2025 නොවැම්බර් මස 29 වන දින රාත්‍රීයේදී යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
81 වන සන්නද්ධ හමුදා සැමරුම් දිනය සහ පොපි මල් සැමරුම් උත්සවය 2025 නොවැම්බර් මස 16 දින කොළඹ, විහාරමහාදේවි උද්‍යානයේ පිහිටි Cenotaph හමුදා ස්මාරකය අභියසදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මූලිකත්වයෙන් ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය පළමු ලෝක යුද්ධයේ සිට අද දක්වා රට වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ උත්තරීතර පරිත්‍යාගයන් සිහිපත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.