නවතම තොරතුරු

උණුසුම් පුවත්

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත අධිකාරියේ සංකේත ප්‍රධානය කරයි

2025-09-05
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත අධිකාරියේ සංකේත

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG 2025 සැප්තැම්බර් මස 01 දින පැවති උත්සවයකදී මේජර් ජෙනරල් ආර්.පී.එස් ප්‍රසාද් RWP RSP USP වෙත මේජර් ජෙනරල් නිලය නිල වශයෙන් ප්‍රදානය කළේය. මෙම අවස්ථාවට එම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පවුලේ සාමාජිකයන් ද එක්ව සිටියහ.

තව කියවන්න

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2025-09-01
ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක යුද්ධ හමුදාධිපතිතුම

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් ජෙනරල් පවන්පාල් සිං VSM SDS (යුද්ධ හමුදාව-II), 2025 සැප්තැම්බර් මස 01 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

තව කියවන්න

ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට නදීෂා රාමනායක සහ සුමේධ රණසිංහ තේරී පත් වෙයි

2025-09-01
ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට නදීෂා රාමනායක සහ සුමේධ රණසිංහ තේරී පත් වෙයි

IAAF ලෝක මලල ක්‍රීඩා ශූරතා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, 400m ඉසව්වේ ජාතික ශූරිය වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මාණ්ඩලික සැරයන් ආර් නදීශා තේරීපත්ව ඇති අතර, මෙවර ලෝක ශූරතා තරඟාවලියට සුදුසුකම් ලැබූ එකම ශ්‍රී ලාංකික මලල ක්‍රීඩිකාව ලෙස ඇය පත්විය. මෙම තරඟාවලිය 2025 සැප්තැම්බර් මස 13 දින සිට 21 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතය.

තව කියවන්න

පරිපාලන සහයක පාඨමාලා අංක 91 සිට 95 දක්වා පාඨමාලාවන් සාර්ථකව අවසන්

2025-08-30
පරිපාලන සහයක පාඨමාලා අංක 91 සිට 95 දක්වා පාඨමාලාවන් සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල වෙතින් පවත්වනු ලැබූ පරිපාලන සහයක පාඨමාලා අංක 91 සිට 95 දක්වා සාර්ථකව හදාරන ලැබූ සෙසුනිලයන් වෙත ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය 2025 අගෝස්තු මස 29 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වනු ලැබීය.

තව කියවන්න

එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව අවසන්

2025-08-30
එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04 සාර්ථකව අවසන්

ගෝලීය සාම මෙහෙයුම් මූලාරම්භ සංවිධානයේ අනුග්‍රාහකත්වය මත ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 04, 2025 අගෝස්තු මස 11 දින සිට 27 දින දක්වා ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පවත්වනු ලැබීය. මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවය 2025 අගෝස්තු මස 27 දින පැවැත්විණි.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2025 සාර්ථකව අවසන්

2025-08-29
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය 2025 අගෝස්තු මස 27 දින එම බලසේනා රෙන්ඩෙස්වස් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න RSP USP nps psc සහභාගි විය.

තව කියවන්න

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ගේ ප්‍රධානත්වයෙන් යක්කල රණවිරු ඇපරල් ආයතනයේ කළමනාකරණ මණ්ඩල රැස්වීම පවත්වයි

2025-08-29
යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ගේ ප්‍රධානත්වයෙන් යක්කල රණවිරු ඇ

යක්කල රණවිරු ඇපරල් ආයතනයේ කළමනාකරණ මණ්ඩල රැස්වීම 2025 අගෝස්තු මස 26 දින යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තව කියවන්න

‘BestWeb.lk -2025’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්මාන ද්විත්වයක්

2025-08-28
‘BestWeb.lk -2025’ තරඟාවලියෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්මාන ද්විත්ව

‘LK Domain Registry’ ආයතනය විසින් සංවිධානය කරන ලද ‘BestWeb.lk -2025’ තරඟයෙන් ‘වඩාත් ජනප්‍රිය වෙබ් අඩවිය’ ට හිමි සම්මානය සහ රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවියට හිමි ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ www.army.lk නිල වෙබ් අඩවිය හිමිකරගන්නා ලදී.

තව කියවන්න

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක

2025-08-28
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන යුද්ධ හමුදා යුධෝපකරණ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 අගෝස්තු මස 25 දින යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්ත ශාලාවේ නිල සංචාරයක නිරත විය.

තව කියවන්න

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි කුමාරට ලෝකඩ පදක්කමක්

2025-08-27
පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක සැරයන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක සැරයන් වයි.ඩී.අයි කුමාර 2025 අගෝස්තු මස 26 දින ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියේදී පිරිමි කිලෝග්‍රෑම් 60 බර පන්තිය නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත්විය.

තව කියවන්න