2025-07-02

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ 2025 ජුලි මස 01 දින සන්ධ්‍යාවේ බොරැල්ල, පොදු සුසාන භූමියේ පිහිටි නව ආදාහනාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි. ඒම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ දේහය වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා හමුදා සාමාජිකයන්, සම්භාවනීය අමුත්තන් සහ ශෝකයට පත් ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV ගේ දේහය කාතුගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී. අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් යුද්ධ හමුදා සාමාජිකයන් සහ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ද පැමිණියහ.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I, අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරමින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවය ගෙනහැර දක්වමින් ඔහුගේ කැපවූ සේවයට ජාතියේ කෘතඥතාව පළ කරන ලදී. පසුව, ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් සංකේතාත්මක කාලතුවක්කු වෙඩි මුර ආචාරය පවත්වන ලදී.

හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, පසුව අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී.

පසුව, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා RSP ndu psc විසින් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් ඒ.පී.ඩී එදිරිසූරිය (විශ්‍රාමික) KSV සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ: