2024-03-27 14:59:32
පනාගොඩ, යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලයේ නව තෙමහල් ගොඩනැගිල්ල පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අතර, එම අවස්ථාවට සපැමිණි එතුමන් යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ආර්.පී සමරවීර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසුව...
2024-03-25 18:35:30
කොටපොල, ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳුදා (මාර්තු මස 25) දින ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගරු සාගල රත්නායක මහතා ගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.
2024-03-21 19:25:32
පොලිස්පතිධූරයේ පසුගියදා රාජකාරි ආරම්භ කළ ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව අද (මාර්තු මස 21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමු විය.
2024-03-14 22:31:36
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය රාගම ‘රණවිරු සෙවණ’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් 2024 මාර්තු මස 14 දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවූහ.
2024-03-13 20:36:12
චීන හමුදා ප්‍රතිපාදන යෝජනා ක්‍රමය යටතේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබූ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ විශේෂ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් ගේ ප්‍රධානත්වයෙන් අද (මාර්තු මස 13) දින පෙරවරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කෙරිණි.
2024-03-07 18:15:20
2024 හත්වන ‘Pakistan Army Team Spirit Competition (PATS)’ තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම බ්‍රහස්පතින්දා (මාර්තු මස 07) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ. නිලධාරීන් 3 දෙනෙක් සහ සෙසුනිලයන් 8 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දිනාගත් රන් පදක්කම මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත අභිමානවත් අයුරින් පිළිගැන්වූහ.
2024-03-07 08:37:00
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 06 දින යුද්ධ හමුදා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී යුද්ධ හමුදාවේ සියලු ඒකකයන්හි අණදෙන නිලධාරීන් ආමන්ත්‍රණය කළේය. එම අවස්ථාව සඳහා සහභාගී වීමට නොහැකි වූ ඒකක අණදෙන නිලධාරින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ එම දේශනය සඳහා සවන් දුන්හ.
2024-03-02 16:43:54
සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) ශ්‍රී ලංකා යුද්ධ හමුදා 15 වන මූලස්ථාන ආරක්ෂක භටකණ්ඩායම (SLFPC) බෝයගනේ ප්‍රදේශයේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පිරිනැමීය.
2024-02-14 21:26:05
යුද්ධ හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම ඉහල නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා සුබසාධක අධ්යක්ෂ මණ්ඩලය වෙතින් බදාදා (පෙබවරවාරි මස 14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සෞඛ්‍ය, වෛද්‍ය සේවා සහ අධ්‍යාපනය යන ක්ෂේත්රයන් සඳහා සහන සැලසේ.
2024-02-08 21:17:26
ශ්‍රී ලංකාවේ සුහඳ සංචාරයක නිරත මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරල් අබ්දුල් රහීම් අබ්දුල් ලතීෆ් (Lieutenant General Abdul Raheem Abdul Latheef) පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 8) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයු හමුවිය.