සාමය, සතුට පිරි සෞභාග්‍යවත් තෛපොංගල් මංගල්‍යයක් වේවා !

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ආර්එස්පී සීටීඑෆ්-එන්ඩියු පීඑස්සී අයිජී, සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ එක්ව, ලක්දිව පුරා සිටින සියලුම ආදරණීය හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් තෛපොංගල් උත්සවය වෙනුවෙන් හෘදයාංගම සුභ පැතුම් එක් කරයි.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ තෛපොංගල් දින පණිවිඩය පහත දැක්වේ:

හින්දු සම්ප්‍රදායික තෛපොංගල් දිනයට ගෞරවයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ හින්දු ජනතාවට සහ තෛපොංගල් සමරන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සියලු නිලයන් හට මම හෘදයාංගම සුබපැතුම් පිරිනමමි.

හිරු දෙවියන්ට, සොබාදහම් මාතාවට සහ සොබාදහම් මාතාව විසින් ලබාදුන් අස්වැන්නට උපහාරයක් වශයෙන් පවත්වනු ලබන මෙම උත්සවය, හින්දු භක්තිකයින් විසින් මහත් භක්තියෙන් යුතුව සමරන අතර, එහිදී, අප ආරක්‍ෂා කරන මෙන්ම කිරීමට බැඳී සිටින ස්වභාවික සම්පත් සහ පරිසරය පිළිබඳ හෘදයාංගම මතක් කිරීම සිදුකරනු ලබයි. අපි මෙම තෛපොංගල් උත්සවයේ චිරාගත සම්ප්‍රදායන්ට ගරු කරමින්, අප වටා ඇති ශක්තීන්ට, සොබාදහමේ ත්‍යාගශීලීභාවයට මෙන්ම අපගේ ජීවිතවලට නිබඳ ශක්තියක් දෙන සියලුම ජනතාවට කෘතඥ වීමට මෙය අවස්ථාවක් කර ගනිමු.