නාලන්දා බෞද්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ

මහනුවර, නාලන්දා බෞද්ධ විද්‍යාලයීය ක්‍රීඩා උළෙල 2025 මාර්තු මස 4 දින පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

පාසල් පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව එම පාසලේ විදුහල්පති ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමිපාණන් විසින් පිළිගැනීමෙන් අනතුරුව පාසල් තූර්ය වාදක කණ්ඩායම විසින් එතුමන්ව කැටුව යනු ලදී.

ක්‍රීඩා උත්සවය සමාප්තියේ පැවති සම්මාන ප්‍රධානෝත්සවයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් කැපී පෙනෙන දක්‍ෂතා දැක්වූ ක්‍රීඩකයින් සහ ජයග්‍රාහී නිවාස සඳහා ත්‍යාග ප්‍රදානය කරමින්, ඔවුන්ගේ කැපවීම ඇගයීමට ලක්කළේය.