එක්සත් ජනපද තානාපතිනිය සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මෙනවිය 2025 පෙබරවාරි මස 19 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද සහකාර ආරක්‍ෂක උපදේශක සෙත් ඒ. නෙවින්ස් මහතා සහ විදේශ කටයුතු භාර නිලධාරි කපිතන් තැඩියස් බ්ලැක් මෙම අවස්ථාවට සහභාගි වූහ.