දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය 2025, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රන් පදක්කම හිමි කර ගනී

දකුණු ආසියානු මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතාවලිය - 2025, පකිස්ථානයේ ඉස්ලාමාබාද් හිදී 2025 පෙබරවාරි මස 23 දින පැවැත්විණි.

මෙම තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ ලාන්ස් කෝප්‍රල් වී වක්සන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම හිමිකර ගත්තේය.