යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු තුළ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබලයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ මෙහෙයුම් කාර්යක්‍ෂමතාව සහ පරිපාලන විශිෂ්ඨත්වය සහතික කිරීම සඳහා වන කැපවීම තහවුරු කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG මහනුවර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරු කිහිපයක සංචාරයක නිරතවිය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් 6 කාරක රෙජිමේන්තුව ශ්‍රි ලංකා ඉංජිනේරු බලකාය, 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය සහ 1 වන ශ්‍රී ලංකා රයිෆල් බලකාය යන කඳවුරු පරිශ්‍රයන්හි නිරීක්‍ෂණ සංචාරයන් සිදුකළේය.