15th March 2025
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 මාර්තු මස 01 දින හිරිකටු ඔය ජලාශයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් සිරවී සිටි සිවිල් වැසියන් 35 දෙනෙකු මුදවාගැනීම සඳහා ගැමුණු හේවා බලකායේ භටපිරිස් මුදවාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.
මෙම මෙහෙයුම සඳහා දායක වූ සියලු දෙනා අගය කරමින් 2025 මාර්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG විසින් එම භටපිරිස් වෙත ඇගයීමේ සහතිකපත් ප්රදානය කරන ලදී. එහිදී, සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා භටපිරිස් දැක්වූ කැපවීම සහ වෘත්තීයභාවය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.
මෙම අවස්ථාව සඳහා ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ජේ.ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න RWP RSP සහ එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගි වූහ.
පහත නම් සඳහන් නිලධාරින් සහ සෙසුනිලයන් වෙත මෙම අවස්ථාවේදී සම්මාන ප්රදානය කෙරිණි:
• මේජර් එස්.ඒ.ආර්.කේ විජේතුංග RSP
• මාණ්ඩලික සැරයන් පී.එච්.එස්.ආර් විජේසිංහ
• මාණ්ඩලික සැරයන් ඩබ්ලිව්.එම්.එස් විජේසුන්දර
• සැරයන් ටී.ඩබ්ලිව්.වී.එම්.අයි ගුණසේකර
• සැරයන් කේ.ඩී.ආර් කුමාරසිරි
• කෝප්රල් ආර්.ඩී රත්නායක
• කෝප්රල් පී.එල්.එම් පද්මසිරි RWP
• කෝප්රල් ආර්.ඩී.ඩී.කේ තිලකරත්න
• කෝප්රල් කේ.එච්.එස් හරිස්චන්ද්‍ර
• කෝප්රල් එච්.කේ.එස්.එස් විජේරත්න
• ලාන්ස් කෝප්රල් කේ.ඒ වසන්ත
• ලාන්ස් කෝප්රල් ඊ.එම් සිසිර කුමාර
• ලාන්ස් කෝප්රල් ඩී.සී.ඩී.එස් සුරවීර
• ලාන්ස් කෝප්රල් ඩී.එම්.සී පුෂ්පකුමාර
• ලාන්ස් කෝප්රල් එස්.එම්.ජේ නාලක
• ලාන්ස් කෝප්රල් වී.එම්.එස් ප්‍රේමතිලක
• ලාන්ස් කෝප්රල් එච්.ඒ.ඩී.බී ප්‍රසාද්
• ලාන්ස් කෝප්රල් එස්.කේ නිශාන්ත කුමාර
• ලාන්ස් කෝප්රල් එල්.ඒ ප්‍රියන්ත කුමාර
• ලාන්ස් කෝප්රල් කේ.එස් ජයලත්
• ලාන්ස් කෝප්රල් ඩබ්ලිව්.එල් පුෂ්පකුමාර
• පාබල සෙබල ටී.ඩී.අයි චන්දන
• පාබල සෙබල ඩබ්ලිව්.ටී.එම්.එස් චාමර
• පාබල සෙබල ජී.ජී.එච්.එම් ගුණතිලක