15th March 2025
වසර 36 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc සිය පවුලේ සාමාජිකයන් සමඟින් 2025 මාර්තු මස 14 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.
මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන එම ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ත්රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේදී මෙන්ම පශ්චාත් යුද සමයේදී අභියෝගාත්මක භූමිකාවන්හි නිරත වෙමින් දැක්වූ කැපවීම සහ ආදර්ශමත් සේවය පැසසුමට ලක්කළේය. තවද, විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරි පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එම පවුලේ සාමාජිකයන් වෙත ද යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:
වර්ෂ 1989 ජූලි මස 14 දින ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 32 යටතේ යුද්ධ හමුදා නිත්‍ය බලකායට බැඳුනු මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් RWP RSP ndc දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුළින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව 1991 ජනවාරි මස 19 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරන ලදී. පසුව, එතුමන් වර්ෂ 1991 පෙබරවාරි මස 01 දින විශේෂ බලකාය වෙත අනුයුක්ත කෙරිණි.
යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලද එතුමන් 2022 අගෝස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. 2025 මාර්තු මස 19 දිනට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමත් සමඟ යුද්ධ හමුදා නිත්‍ය බලකායෙන් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම ලබන විට ආරක්ෂක සේනා ආඥාපති - වන්නි සහ විශේෂ බලකායේ බලකාධිපති ධූරයන් හෙබවිය.
එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ, 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරි, 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘ඒ’ අනුඛණ්ඩයේ දෙවන අණදෙන නිලධාරි, 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ‘ඒ’ අනුඛණ්ඩයේ නිලධාරි අණදෙන, 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ආධාරක අනුඛණ්ඩයේ නිලධාරි අණදෙන, විශේෂ බලකා පුහුණු පාසලේ ජ්‍යෙෂ්ඨ උපදේශක, 3 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 1 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, 2 සහ 4 වන විශේෂ බලකා රෙජිමේන්තුවල අණදෙන නිලධාරි, විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියා/ පුහුණු), යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (දේශීය පුහුණු), ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ශ්‍රී ලංකා හමුදා ආරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති, 1 බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති, විශේෂ බලකා රෙජිමේන්තුවේ බලකාධිපති සහ ආරක්ෂක සේනා ආඥාපති - වන්නි වැනි ධූරයන් රැසක් හොබවා ඇත.
විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම හේතුවෙන් එතුමන් රණවික්‍රම පදක්කමෙන් සහ රණ ශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.
එතුමන් සිය වෘත්තීය දිවිය තුළදී, විශේෂ බලකා මූලික පාඨමාලාව, විශේෂ ක්‍රියාන්විත කණ්ඩායම් පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, දිගු දුර විහිදුම් බලකා පාඨමාලාව, ඒකක ගිණුම්කරණ නිලධාරි පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරි පාඨමාලාව, පරිගණක පාඨමාලාව, අණදෙන නිලධාරි පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, අතරමැදි අණදෙන වැඩසටහන - චීනය සහ ජාතික ආරක්ෂක විද්‍යාල පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලාවන් රැසක් හදාරා ඇත.