3rd April 2025
විවිධ තාක්ෂණික පාඨමාලාවන් හදාරා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ජාතික වෘත්තීය සුදුසුකම් 4 වන මට්ටමේ සුදුසුකම් ලැබූ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයන් 30 දෙනෙකු වෙත සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවයක් 2025 අප්‍රේල් මස 02 දින වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි වූ අතර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි අමරපාල RWP RSP ndc psc, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ (විශ්‍රාමික) ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ප්‍රතිලාභීන් සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ නියෝජිතයින් පිරිසක් ද උත්සව අවස්ථාව සඳහා සහභාගි වූහ.