සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක්

සිංහල සහ දමිළ අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන සම්ප්‍රදායික තේ පැන් සංග්‍රහය සහ සුහද හමුව 2025 මස අප්‍රේල් මස 16 දින උදෑසන පැවති අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG සහභාගි විය.

උත්සව අවස්ථාවට පැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ RWP RSP ndu psc සහ යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

අලුත් අවුරුදු තේ පැන් සංග්‍රහයේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වූහ. අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් රැස්ව සිටි පිරිස වෙත අලුත් අවුරුදු සුබපැතුම් එක්කරමින් ඔවුන් සමඟින් සුහද පිළිසඳරක ද නිරතවිය.

මෙම අවස්ථාවට නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් ද සහභාගි වූහ.